කොළඹ LNW: ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බළකායට අයත් අකේබොනෝ නෞකාව නිල සංචාරය නිම කරමින් දිවයිනෙන් පිටත්ව ගියේය.
ශ්‍රී ලංකා නාවික හමුදාව නාවික සම්ප්‍රදායන්ට අනුව ත්‍රිකුණාමල වරායේ දී නෞකාවට සමුදීම සිදු කළ අතර අකේබොනෝ නෞකාව නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණියේ පසුගිය 28 වනදායි.
එම නෞකාව ශ්‍රී ලංකා නාවික ශක්ති නෞකාව සමඟ ඒකාබද්ධ නාවික අභ්‍යාසයකට එක් වී තිබුණි.
එහිදී නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම,නෞකා අතර පණිවුඩ හුවමාරුව ඇතුළු වැඩසටහන් රැසක් සිදු කර තිබුණි.
ASK