ආයෙත් වෛද්‍යවරු වැඩවර්ජනයකට ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පළාත් මට්ටමින් රජයේ රෝහල් ආවරණය වන අන්දමින් රට පුරා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව , රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

පැය 24ක් පුරා ක්‍රියාත්මක මෙම සංකේත වැඩ වර්ජනය හෙටින් ආරම්භ කරන බවත්, ඒ අනුව හෙට (02) දිනයේ ඌව පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරුන් මෙම වැඩ වර්ජනයට එක්වන බව සංගමයේ ලේකම්වරයා පවසයි.

අනතුරුව එළඹෙන 03 වනදා උතුරු පළාතේත්, 06 වනදා වයඹ පළාතේත්, 07 වනදා සබරගමුව පළාතේත් සියලුම රජයේ රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වනු ඇති අතර, 08 වනදා වැඩ වර්ජනය ක්‍රියාත්මක වන්නේ මධ්‍යම පළාතේ සහ නැගෙනහිර පළාතේය.

09 වනදා දකුණු පළාතේ සහ උතුරු මැද පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරු මෙම වැඩවර්ජනයට එක්වීමට නියමිත අතර, රජයේ වෛද්‍ය නිලධාරීන් පවසන්නේ 10 වනදා බස්නාහිර පළාතේ රජයේ රෝහල්වල වෛදවරු මෙම වැඩ වර්ජනයට එක්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොරවල් අතර පොරේ පොර : හරියටම හරියන සුදාගේ අනාවැකි !

යූටියුබ් සුදා හෙවත් සුදත්ත තිලකසිරි ප්‍රසිද්ධියේම කියපු අනාවැකියක් ඊයේ...

කොදෙව් බලා යන්න නම් කළ ශ්‍රී ලංකා 19 න් පිළට මහනුවරින් පහයි – කොළඹින් පහයි

නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: කොදෙව් දූපත් හි පැවත්වෙන තරග...

තැපැල් සේවක වැඩවර්ජනය අඛණ්ඩව 6 වැනි දිනටත්

සටහන - රුවන් නෙළුගොල්ල ඉල්ලීම් 19ක් මුල්කර ගනිමින් තැපැල් සේවකයින්...