ෂාෆ්ටර්ගේ තීන්දුව එළියට – වෙලා තියෙන දේ මෙන්න!

කොළඹ LNW:ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය සියදිවි නසා ගැනීමක් නොව අපරාධයක් බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (01) තීන්දු කර තිබේ.

ඔහුගේ මරණය සිදුව ඇත්තේ ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් මතම බවට නිගමනය කර ඇත.

ඒ අනුව මෙම සිද්ධිය තුළින් අපරාධයක් අනාවරණය වන බවත් ඒ අනුව ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

මරණ පරීක්ෂණයේ දී ඉදිරිපත් වූ වාර්තා පිළිබඳ සොයා බැලීම සඳහා අධිකරණය විසින් පත් කරනු ලැබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව ඉදිරිපත් කළ වාර්තා සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය උක්ත තීන්දුව ප්‍රකාශයට පත් කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...