ඉමියුනෝග්ලොබියුලින් ගණුදෙණුව හොර කමකටත් එහා ගිය පර්යේෂණයක් – රවී කුමුදේශ්

Date:

ඉමියුනෝග්ලොබියුලින් ගණුදෙණුව කිසිසේත්ම සමාගමකට තනියම සිදු කිරීමට නොහැකි බවත්, අත් අඩංගුවට ගත්ත සමාගමේ හිමිකරු උසාවියට පැවසීමට යන ඒ පණිවිඩය තේරුම් ගැනීම අතිශයින්ම වැදගත් බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

තමන්ගේ සේවා දායකයා සැපයුම්කරුවෙක් විතරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ලියන්න්නේ, තීරණ ගන්නේ ඔහු නෙවෙයි. ඒ නිසා මේ සියළු තීරණ වලට ඔහුට තනිව වග කියන්න බෑ. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ, ලේකම්වරයාගේ උපදෙස් නැතුව මේ කිසිවක් කරන්න බෑ” අත් අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කල සමාගම් හිමිකරුගේ නිතිවේදීයා කියයි.

සමාගම් අයිතිකරු මොන ප්‍රමාණයේ සොරෙකු වුවත්, ඔහුගේ එම ප්‍රකාශණයේ සත්‍යතාවය මඟ හැරිය නොහැකිය.

සෞඛ්‍ය සේවාවේ බොහෝ දූෂණ, වංචා සහ අක්‍රමික ගණුදෙණු සිදු වන්නේ පවතින තාක්ෂණික ක්‍රමවේදය භාවිත කරමින්‍ ය. එම ක්‍රමවේදයේ පවතින එකී යථා ස්වරූපය සමාන්‍ය අපරාධ පරීක්ෂණයක් මගින් හඳුනා ගැනීමට නොහැකිය.

ඒ අනූව සෞඛ්‍ය සේවය නිවැරදි කිරීම සඳහා ඉමියුනෝග්ලොබියුලින් ගණුදෙණුව හොර කමකටත් එහා ගිය පර්යේෂණයකි. එම පර්යේෂණාත්මක දත්ත හෙලිදරව් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ඇති වගකීම නිසියාකාරව ඉටු විය යුතුය.

රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...