ලොහාන් බන්ධනාගාර රෝහල වෙත!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ (LNW):

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.

නීතිවිරෝධීව මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළව ඔහු බන්ධනාගාර ගත කෙරුණි .

මිරිහානේ පිහිටි ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳගේ නිවසේ තිබූ අංක තහඩු සහ යතුරු නොමැති සුඛෝපභෝගී මොටර් රථයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ, ඉකුත් 31වනදා වන අතර, ඒ, මහනුවර මහයියාව ප්‍රදේශයේ දීය.

පසුව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා නොවැම්බර් මස 07 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනාමයේ චාමික ඩුබායි හී දී මහානාමයක් වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: ඇගෙනිස්තානය සහ ශ්‍රී ලංකාව...

පාසල් සිසුන්ට දෙසැම්බර් මාසය පුරාවට ගමනාගමන මණ්ඩලයෙන් සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : අද (16) සිට...

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...

අපි විශ්වාස කරනවා රිය අනතුර වෙද්දී රන්වල මන්ත්‍රීතුමා බීමතින් හිටියේ නැහැ කියලා – ඇමති නලින්ද

රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ...