අම්බරුවන්ගෙ කථා කූණු කූඩයට,අපි ක්‍රීඩාවට උදව් කරගෙන ඉස්සහට යනවා – ක්‍රිෂාන්ත කපුකොටුව

0
634

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 02,(LNW) කොළඹ :

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් බොරු චෝදනා කරන අම්බරුවන්ගේ කතා කුණු කූඩයට දමා ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා සහයෝගය සහ උපකාරය ලබා දෙමින් කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් ක්‍රිෂාන්ත කපුකොටුව පැවසීය.

ක්‍රිකට් ලේකම්වරයා එසේ පැවසුවේ,හිටපු ක්‍රීඩා අමාත්‍ය රොශාන් රණසිංහ මේ දිනවල දේශපාලන වේදිකාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත කරන ලද චෝදනා ගැන මාධ්‍ය කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලෙසයි.

කොළඹ ගෝල්ෆේස් හෝටලයේ පැවති ශ්‍රී පිරිමි හා කාන්තා ක්‍රිකට් කණ්ඩායම්, සාමාන්‍ය අවස්ථා සහ නිල අවස්ථා සඳහා සහභාගි වීමේදී පැළඳිය යුතු ඇඳුම් සඳහා සිග්නේචර් අනුග්‍රහය පිරිනමන ලද උත්සව අවස්ථාවේදී මාධ්‍යවේදීන් විසින් ක්‍රිකට් ලේකම්වරයා වෙත මෙම ප්‍රශ්නය යොමු කරනු ලැබුවා.