බන්ධනාගාර රෝහලේ සිටින ලොහාන්ට විශේෂ ආරක්ෂාවක් !

සටහන – රුවන් නෙළුගොල්ල

බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබේ.

ලොහාන් රත්වත්තේ බන්ධනාගාර විෂය භාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයා බැවින් අධිකරණ නියෝගයකට අනුව ඔහුට මෙසේ විශේෂ ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කර ඇති බවයි බන්ධානාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක සඳහන් කළේ.

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී ලෙක්ෂස් වර්ගයේ මෝටර් රථයක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියකට අදාළව ලොහාන් රත්වත්තේව ඔක්තෝබර් 31 වනදා මහනුවරදී අත් අඩංගුවට ගැනුනු අතර ඔහුව ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...