නවක වධයෙන් තවත් ජීවිතයක් බිළි ගත්තාද? වව්නියාව සරසවියේ මියගිය සිසුවාගේ කතාවේ ඇතුල් පැත්ත..

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW :

ඉකුත් 31 වැනිදා රාත්‍රියේ හටගත් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් , වව්නියාව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන අනුරාධපුර ජයසිරිපුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ටී.එම්.එස් නිර්මාල් වික්‍රමදාස නමැති සිසුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.නමුත්, සිසුවාගේ ඥාතීන් චෝදනා කරන්නේ මෙම මරණයට නවකවධ සිදුවීමක් හේතු වී ඇති බවයි.

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල්ගත කිරීමේදී මියගොස් ඇතැයි පුවරසන්කුලම පොලිසිය පවසන අතර, ජීවිතක්ෂයට පත්වන මොහොතේ සිසුවාගේ ශරීරයේ සැළකිය යුතු මට්ටමක මත්පැන් සාන්ද්‍රණයක්ද අන්තර්ගතව තිබී ඇති බවට සැක පළ කරන බවද පොලිසිය වැඩිදුරටත් වාර්තා කරයි.

කෙසේවෙතත් සිසුවාගේ ඥාතීන් චෝදනා කරන්නේ මෙම හදිසි මරණයට නවකවධය හේතු වූ බව වන අතර, මියගිය සිසුවාගේ සහෝදරිය සඳහන් කළේ ඉකුත් 31 වැනිදා රාත්‍රියේ විශ්වවිද්‍යාල සිසුන්ගේ සාදයකදී සිය සහෝදරයාට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් බලහත්කාරයෙන් මත්පැන් පොවා ඇති බවය. සිය සොහොයුරාට වෙනත් කිසිඳු රෝග තත්ත්වයක් නොතිබූ බවත් විශ්වවිද්‍යාලයේ නවකවධය සම්බන්ධයෙන්ද අවස්ථා කිහිපයකදීම ඔහු පවුලේ අය සමඟ තොරතුරු පැවසූ බවත් ඇගේ සොයුරිය කියයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත! සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ):...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...