ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි කෝවිලක තෙරපිමකින් 9 දෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ කසිබුගා හි ශ්‍රී වෙන්කටේෂ්වර ස්වාමි කෝවිලේ ඇතිවූ තෙරපීමක් හේතුවෙන් බැතිමතුන් 9 දෙනෙකු මියගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

කෝවිල වෙත වෙනම ඇතුල්වීමේ සහ පිටවීමේ ස්ථාන නොතිබි ඇති අතර මියගිය අය අතර කාන්තාවන් අට දෙනෙකු සහ කුඩා පිරිමි ළමයෙකු ඇතුළත් වේ. ප්‍රාදේශීය නිලධාරීන් සහ මාධ්‍යවලට අනුව, එම ස්ථානයේ 25,000 කට ආසන්න පිරිසක් රැස්ව සිට ඇති අතර මෙම කෝවිල රජයේ ලියාපදිංචි කෝවිලක් නොවන බවද කියවේ.

තෙරපීම නිසා මරණයට පත්වූ අය වෙනුවෙන් අගමැති නරේන්ද්‍ර මෝදි සිය ශෝකය ප්‍රකාශ කර තිබු අතර මියගිය අයගේ පවුල්වලට ඉන්දීය රුපියල් 200,000 ක (ඩොලර් 2,260 ක් පමණ) වන්දි ගෙවීමක් සිදු කරන බවත්, තුවාල ලැබූවන්ට රුපියල් 50,000 ක් (ඩොලර් 565) බැගින් ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...