අද කොළඹට සෙනඟ කැඳවන්නේ රාජ්‍යද්‍රෝහීන් – එජාප සභාපති

Date:

අද (02) දිනයේදී කොළඹ පැවැත්වීමට නියමිත විරෝධතාව කැඳවා ඇත්තේ රාජ්‍යද්‍රෝහීන් විසින් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

“කොළඹට නැවත මහජනතාව කැඳවන්න දැනුම් දීලා තිබෙනවා ඇතැම් කණ්ඩායම්. මේගොල්ලො රාජ්‍යද්‍රෝහීන්. මේගොල්ලොන්ට නම් කරන්න ඕනෙ රාජ්‍යද්‍රෝහීන් කියලා. මොකද, සංචාරකයින් එන්න හදන අවස්ථාව. 28 වෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ගැන විශේෂ සාකච්ඡාවක් අපේ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතාගේත් ආචාර්ය සමරතුංග මහතාගේත් ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහි හොඳ ප්‍රතිඵල ලැබෙමින් තිබෙන මොහොතක්. තුන්වෙනිදා ඒ සම්බන්ධයෙන් නැවත විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙන අවස්ථාවක්. ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කරලා තිබෙනවා විශේෂයෙන් මේ සඳහා චීනයත් ඉන්දියාවත් ජපානයත් එකඟ කරගෙන තමයි අපි කටයුතු කළයුතුව තිබෙන්නෙ. එතකොට මෙවැනි පරිසරයක් ගොඩනැගෙමින් මේ ප්‍රශ්නය අවසන් කිරීම සඳහා මාර්ගය සැලසුම් කරන අවස්ථාවක වර්ෂයක කාලයක් අවම වශයෙන් මහජනයා මේ සඳහා ඉඩදෙන්න ඕනෙ”

වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දේශීය ජෙට්යානා ගුවන් සේවය පුළුල් කරමින් පළමු කාන්තා C919 කපිතාන්වරිය පත් කරයි!

සටහන – පුලී ජනවාරි 02, කොළඹ (LNW):  චීනයේ ගුවැන්ෂු සිවිල්...

වසර 66කට පසු වැසෙන iconic NASA research center ..

රෂිකා හෙන්නායක ජනවාරි 02 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප්...

CEB 11 % ඉක්මවූ ගාස්තු වැඩිකිරීමක් ඉල්ලයි!

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි...

බන්ධනාගාර මූලස්ථානයේ විශේෂ සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : අද (02) දින...