සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන සේවා කමිටුවලට නව සාමාජිකයින් පත්කරයි

Date:

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සෞඛ්‍ය සේවා කමිටුවට සහ අධ්‍යාපන සේවා කමිටුවට නව සාමාජිකයින් පත්කර තිබේ.

ඒ අනුව සෞඛ්‍ය සේවා කමිටුවේ සභාපති ධුරයට ටී.එම්.එල්.සී. සේනාරත්න මහත්මිය පත් කර ඇති අතර එහි සෙසු සාමාජිකයින් ලෙස වෛද්‍ය හපුගොඩ මහතා සහ නිමල් සරණතිස්ස මහතා පත්කර තිබේ.

අධ්‍යාපන සේවා කමිටුවේ නව සභාපතිවරයා ලෙස ජේ.ඒ. රංජිත් මහතා පත්කර ඇති අතර එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස පත් කර ඇත්තේ එම්.එන්.කේ. වීරසිංහ මහත්මිය සහ ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා ය.

අද (02) සිට ක්‍රියාත්මක වන පරිදි වසර දෙකක කාලයක් සඳහා මෙම පත්කිරීම් සිදුකර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...