නොවැම්බරය රත්වෙන හැඩ – විශ්ව විද්‍යාල ආචාර්යවරුත් අද වැඩ වර්ජනයේ!

Date:

කොළඹ LNW:විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) විසින් අද (02) සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව අද දින රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ අධ්‍යයන හා කටයුතු සිදුනොවන අතර වැටුප් ගැටලුව, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ලබා දෙන අරමුදල් කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයකට එරෙහිවයි මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක වන්නේ.

ඊට රාජ්‍ය විශ්ව විද්‍යාල 17ම එක්ව සිටියි.

රාජ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානය සහ විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නාවල විවෘත විශ්වවිද්‍යාලයේ දී ඊයේ පැවැත්වූ සාකච්ඡාවක දීයි මෙම තීරණයට එළඹ තිබේ.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීව අද පසවරු 01.00ට විහාරමහා දේවී උද්‍යානය ඉදිරිපිටින් විරෝධතා පාගමනක් ආරම්භ කිරීමට නියමිත අතර පස්වරු 02.00ට ”රාජ්‍ය විශ්ව විද්‍යාල සුරකිමු” මැයෙන් මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...