දහදුක් විඳලා ගෙවල් හැදුවේ! අලි ඇවිත් එක රැයින් කඩනවා,, මහවැලියේ කඳුළු කතා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහවැලි බී හා සී කලාපවල ගම්මාන කිහිපයකට අද (02) අලුයම් කාලයේ තැනින් තැන එල්ල වූ වන අලි ප්‍රහාරය හේතුවෙන් නිවාස දහයකට පමණ හානි සිදුව ඇති බව, එම ගම්මානවල ගොවිජනතාව කියා සිටී.

ඒඑ අනුව අද (02) අළුයම වැලිකන්ද සුරියවැව, මොනරතැන්න, දිඹුලාගල, කුඩාවැ,ව මනම්පිටිය.යක්කුරේ, අරලගංවිල, දම්මින්න, ඇතුළු ගම්මාන වලට මෙම වන අලි කඩා වැදී නිවාස දහයකට පමණ හානි සිදුකර ඇති බවද ගොවීන් පවසයි.

ගොවි සංවිධාන නියෝජිතයන් ප්‍රකාශ කරන්නේ, මීට අමතරව මාදුරුඔය හා සෝමවතී ජාතික වනෝද්‍යානයෙන් ගම් වදින වන අලි මහවැලි බී හා සී කලාපවල බවබෝග රැසක් විනාශ කර ඇති බවයි.

තමන් දුක් මහන්සියෙන් වසර ගණනාවක් තිස්සේ රැකබලා ගත් පොල්, කෙසෙල්, අඹ, ඇතුළු අනෙකුත් බෝග වගාවන් රැසකට වන අලි රංචු විසින් හානි සිදුකර ඇති අතර මෙම තත්ත්වය මත තමන්ට කිසිදු එළවළුවක්, පලතුරක් සිටුවා ගැනීමට නොහැකි මට්ටමකට පත්ව තිබෙන බවද මහවැලි බී හා සී කලාපවල ගොවින් මැසිවිලි නඟයි.

වැලිකන්ද වෙහෙරගල, මාදුරුඔය ප්‍රදේශ වල වනජීවී නිලධාරීන් පවසන්නේ, මාදුරුඔය සහ සෝමාවතී ජාතික වනෝද්‍යානවල පවතින ආහාර හිගය මෙන්ම ,මිනිසුන් විසින් වනාන්තර හෙළිකර විවිධ බෝග වගා ව්‍යාපෘති ආරම්භ කිරීම, වනාන්තර ගිනි තබා විනාශ කිරීම, වන බහුල වශයෙන් ගම් වැදීමට හේතු වී ඇති බවත්, මෙම තත්ත්වය මත මහවැලි බී හා සී කලාපවල අලි මිනිස් ගැටුම් වෙනත් වසරව වලට වඩා උග්‍ර වී ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මියන්මාරයේ අවසන් මැතිවරණ වටය පැවැත්වේ: හමුදා සහාය ලබන පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි ඉඟියක්.

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරයේ පවතින...

ජනාධිපතිතුමාගේ හිත සනසන්නද පොලිස්පතිවරයා ඉන්නෙ? නාමල් ප්‍රශ්න කරයි.

රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ LNW : රටේ සංස්කෘතිය ආගමට...

Minneapolis හි තවත් ඇමරිකානු පුරවැසියෙකු වෙඩි තබා ඝාතනය කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ මිනියාපොලිස් නගරයේදී ෆෙඩරල් ඒජන්තවරුන් විසින්...