ගාසා තිරයේ සෑම විනාඩි 10කට වරක්ම දරුවකු මිය යයි

Date:

සටහන – සශිකලා මධුෂාණී

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් ගාසා තිරයේ සෑම විනාඩි 10 කට වරක් දරුවකු මිය යන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රයලවැසියන් 1,405 දෙනෙකුට මාරු කැඳවමින් හමාස් හි මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් අනතුරුව ඊශ්‍රායලය දියත් කළ ප්‍රති ප්‍රහාර හේතුවෙන් ගාසා තිරයේ මියගිය සංඛ්‍යාව 8,700 ඉක්මවා ඇති අතර ඉන් 73% දරුවන්, කාන්තාවන් හා වැඩිහිටියන්වේ.

ගාසා තීරයේ දිනකට සාමාන්‍යයෙන් පලස්තීන දරුවන් 420ක් මියගොස් හෝ තුවාල ලබා ඇති අතර ගත වූ සති තුනක කාලය තුළ ගාසාහි මියගිය දරුවන් සංඛ්‍යාව 2019 සිට ලෝකයේ ගැටුම් හේතුවෙන් මිය ගිය ළමුන්ගේ සංඛ්‍යාව අභිබවා තිබේ.

මියගිය අය අතර වයස අවුරුදු එකකට අඩු ළදරුවන් 133 ක්, අවුරුදු 1-3 අතර දරුවන් 482 දෙනෙක්ද, අවුරුදු 4-5 වයස්වල දරුවන් 344ක්ද, අවුරුදු 6-12 ප්‍රාථමික පාසල් ළමුන් 1,042, අවුරුදු 13-17 උසස් පාසල් ළමුන් 664 ලෙස වාර්තා වේ. මිට අමතරව තුවාල ලැබූ දරුවන් සංඛ්‍යාව 6,360ක් ලෙස වාර්තා වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, ගාසා තීරය දැන් දරුවන් දහස් ගණනකගේ සොහොන් පිටියක්ව ඇති බවයි.

ගාසාහි දරුවන්ගෙන් බොහෝ දෙනෙක් යුද්ධයේ කම්පනයෙන් ජීවත් වෙමින් සිටින අතර උපතේ සිටම, ඔවුන් ඊශ්‍රායල අවහිරයක් යටතේ ජීවත් වූ අතර එය ඔවුන්ගේ ජීවිතයේ සෑම අංශයකටම බලපා තිබේ. මේ හේතුව නිසාම දරුවන් දහස් ගණනකගේ ජීවිත විනාශ වී ඇත. පලස්තීන සරණාගතයින්ගේ දුක්ඛිත තත්වය ලෝකයේ දීර්ඝතම නොවිසඳුණු සරණාගත ගැටලුවක් වන අතර මිලියන 1.7 ක පමණ ජනතාවකින් සමන්විත ගාසා තීරයේ ජනගහනයෙන් සියයට 70 කට වැඩි පිරිසක් සරණාගතයන් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයේ හොඳම මලල ක්‍රීඩා පරිපාලනයට රටවල් හයක තරගයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

ඔබ ඒ සිහින අරගන්න, ක්ෂමාවේ ශාන්තිය මට දෙන්න ….

ඔබ මේ ලිපිය කියවිය යුත්තේතව වසර විස්සකට පසුවයි.ඔබ එවූ...

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් වීමට ජපානයට කිසිදු සුදුසුකමක් නැහැ – චීනය

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් බවට...

සියළුම අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී ලැබෙයි – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : මාධ්‍ය විසින් කළ...