පැය 24ක් තුළ යුක්‍රේන නගර සහ ගම්මාන 118කට ඇදවැටෙන බෝම්බ වැස්ස!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): බලාපොරොත්තු නොවූ අයුරින්, රුසියාව පැය 24ක් තුළ යුක්‍රේන නගර සහ ගම්මාන 118කට බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Ihor Klymenko පවසන්නේ, මෙවැනි සිදුවීමක් මේ වසරේ වෙනත් කිසිම දිනක සිදු නොවූවක් බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ , යුක්‍රේනයේ කලාප 27 න් 10ක්ම ප්‍රහාරයට ලක්ව ඇති අතර ප්‍රහාරයෙන් මරණයට පත්වූ හා තුවාල සිදුවූවන් රැසක් සිටින බවයි.

Avdiivka ප්‍රදේශයේ පමණක් ප්‍රහාර 20ක් මැඩපැවැත්වූ බව යුක්‍රේනයේ සන්නද්ධ හමුදා සාමාන්‍ය කාර්ය මණ්ඩලය පවසන අතර, රුසියාව ඊසානදිග Kharkiv ප්‍රදේශයේ Kupyansk නගරයට ප්‍රහාර දියත් කර ඇති අතර, යුක්‍රේන හමුදා Bakhmut අවට භූමි ප්‍රදේශය නැවත අත්පත් කර ගැනීම නැවැත්වීමට උත්සාහ කර තිබෙන බවයි ඔවුන් පවසන්නේ.

Kupyansk

Avdiivka

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...

මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙමින් ටෙන්ඩර් නොකළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන මුජිබර් කී කතාව බොරුවක් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය...

ලංකාවේ උපන් තාරකා විද්‍යාඥයෙකු කැල්ටෙක් හී ඉතිහාසගත නායකත්වයට

ඕවින්දි විෂ්මිකා ජනවාරි 09, කොළඹ (LNW): කැල්ටෙක් හි සභාපති ලෙස...