රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ දිරිමත් කරමින් ලෝක බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ ඇනා බ්යාර්ඩේ සිය ශ්‍රී ලංකා සංචාරය අවසන් කරයි.

Date:

සටහන – නිපුනි ලියනගේ

කොළඹ (LNW): ලෝක බැංකුවේ මෙහෙයුම් කටයුතු පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ ඇනා බ්යාර්ඩේ (Anna Bjerde) මහත්මිය සිය සිව්දින ශ්‍රී ලංකා සංචාරය අද නිමා කරමින් ශ්‍රී ලංකා රජය ප්‍රකෘතිමත් වීම සහ තිරසාර වර්ධනය සඳහා වූ රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ දිරිමත් කිරීමට කටයුතු කළාය.

එහිදී ඇය මිනිසුන් සඳහා ආයෝජනය කිරීම, මානව ප්‍රාග්ධනය ශක්තිමත් කිරීම සහ රැකියා උත්පාදනය කිරීම සඳහා ලෝක බැංකුවේ අඛණ්ඩ කැපවීම ද අවධාරනය කළාය.

ඇනා බ්යාර්ඩේ (Anna Bjerde) මහත්මිය ශ්‍රී ලංකාවේ ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කැබිනට් අමාත්‍යවරුන්, විරුද්ධ පක්ෂ නියෝජිතයින්, සිවිල් සමාජ, පෞද්ගලික අංශය, සංවර්ධන හවුල්කරුවන් සහ ලෝක බැංකු ව්‍යාපෘති ප්‍රතිලාභීන් ද හමුවිය.

බහුපාර්ශ්වික සංවර්ධන බැංකු (MDBs) සහ ද්විපාර්ශ්වික සංවර්ධන හවුල්කරුවන් ඇතුළත් MDB+ වේදිකාවේ සාමාජිකයන් ඇතුළු ප්‍රධාන අමාත්‍යවරුන්, පෞද්ගලික අංශයේ නියෝජිතයන් සහ සංවර්ධන හවුල්කරුවන් සමඟ ජනාධිපතිවරයා විසින් පවත්වන ලද වට මේස සාකච්ඡාවකට ද ඇය සහභාගි වූවාය.

එහිදී රජයේ ප්‍රතිසංස්කරණ, සංවර්ධනය සඳහා පෞද්ගලික ප්‍රාග්ධන බලමුලු ගැන්වීම, රැකියා උත්පාදනය, මානව ප්‍රාග්ධන සංවර්ධනය සහ කලාපීය සහයෝගීතාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පිළිබඳව අවධානය යොමු විය.

කෘෂිකර්මය, සෞඛ්‍යය, දේශගුණික විපර්යාස, පෞද්ගලික අංශයේ සංවර්ධනය සහ කාන්තාවන් සඳහා මූල්‍ය ඇතුළත් කිරීම් සම්බන්ධ උතුරු සහ උතුරු මැද පළාත්වල ලෝක බැංකුවේ අනුග්‍රහය ඇති ව්‍යාපෘති නැරඹීම ඇයගේ සංචාරයට ඇතුළත් විය.

“මගේ සංචාරයේදී ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන අභියෝග ගැන මට ආරංචි වුණා. දක්ෂ වෘත්තිකයන් රට හැර යමින් සිටින අතර, ගොවීන් වෙනස් වන දේශගුණයට මුහුණ දීමට අරගල කරමින් සිටින අතර, ආයෝජන හිඟකම සහ ණය සඳහා ප්‍රවේශය හේතුවෙන් ව්‍යවසායකයින් සීමා වී ඇතැයි’ බ්යාර්ඩේ පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...