අධික වැසි තත්ත්වය යටතේ මහනුවර ගංවතුර පාලනයට සැලසුම්

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW): අධික වර්ෂාව හේතුවෙන් මහනුවර නගරයේ ගංවතුර පාලනය සඳහා නව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පවසයි.


ඒ යටතේ බෝගම්බර ප්‍රදේශයේ සිට මැද ඇල දක්වා දිවෙන භූගත කාණු පද්ධතිය පුළුල් කිරීම සිදුකරන බව ඒ මහතා සඳහන් කළේය.

සහකාර අධ්‍යක්ෂවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ (01) පැවැති මධ්‍යම පළාතේ ආරක්ෂක කටයුතු පිළිබඳ විශේෂ සකච්ඡාවට එක්වෙමිනි.

වර්ෂාව හේතුවෙන් නිරන්තරයෙන් ජලයෙන් යටවන බෝගම්බර ප්‍රදේශයේ ජලය බැස යාම සඳහා ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ ප්‍රතිපාදන මත රුපියල් මිලියන 31ක වියදමකින් මෙම වැඩසටහන දියත් කරන බව ඒ මහතා කීවේය.

මහනුවර මහ නගර සභාව මගින් ඉදිකිරීම් සිදුකරන බවත් මේ වන විටත් එහි ඉදි කිරීම් ආරම්භ කොට ඇතැයි ඒ මහතා ප්‍රකාශ කළේය. බෝගම්බර, මධ්‍යම වෙළඳ පොල යන ස්ථානවල රැස්වන වැසි ජලය වඩාත් පහසුවෙන් ගලා යාමට හැකි පරිදි භූගත කාණු පද්ධති තව දුරටත් පුළුල් කිරීම මේ යටතේ සිදුවන බව ආපදා කළමණාකරණ සහකාර ඉන්දික රණවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමවංශ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය ඇතුලු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුර හෑගොඩයන් විසින් රචිත “හිමකැටි ආදරය” සමඟ ගෙවූ රසවත්...

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...