මහජන උපයෝගීතා කොමිසම ආණ්ඩුවේ රූකඩයක්!

Date:

කොළඹ LNW:මහජන උපයෝගිතා කොමිසන් සභාව ආණ්ඩුවේ වුවමනා ඉටුකරන රූකඩයක් බවට පත්ව තිබෙන බව සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේය.

ඒ, අද (02) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

මෙවැනි රූකඩ කොමිෂන් සභා අහෝසි කර රටේ මුදල් ඉතිරි කරගත යුතුවන බවයි හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කළේ.

”ආණ්ඩුව විදුලි බිල වැඩි කරන අවස්ථාවේ එය සාධාරණද දැයි සොයා බලා අනුමැතිය ලබාදෙන්නයි මහජන උපයෝගිතා කොමිසන් සභාව තිබෙන්නේ. ඔවුන් මහජනතාවගේ පැත්තේ සිටගත යුතුයි. නමුත් ඔවුන් සිටින්නේ මහජනතාවගේ පැත්තේ නොවන බවපෙන්වලා තිබෙනවා. අවුරුද්දකට දෙවතාවක් විදුලිබිල සංශෝධනය කරන බවට කැබිනට් අනුමැතියක් ලබාදී තිබියදී මහජන උපයෝගිතා කොමිසන් සභාව විදුලි බිල වැඩි කරන්න අවසර දුන්නේ කොහොමද?

රජය විදුලිබිල 18%කින් වැඩි කිරීම හේතුවෙන් රට පුරා උද්ඝෝෂණ ආරම්භ වී තිබෙනවා. ආණ්ඩුව ඕනෑම දෙයක් වැඩි කරන්න පුලුවන්. තීන්දු තීරණ ගන්න පුලුවන්. ආණ්ඩුවට ආදායම මදියි කියලා ජනතාවට බදු පිට බදු ගහන්න පුලුවන්. ඒ හරහා ජනතාව පත්වී සිටින පීඩනය උද්ඝෝෂණවලින් එළියට ගේන්න හදනකොට ආණ්ඩුව ඒ උද්ඝෝෂණ මඩින්න පොලිසිය යොදවලා තිබෙනවා. මෙය ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාවක්.

බදු වැඩිවීම් හරහා බිල්පත් වැඩිවීම් හරහා රටේ ජනතාව අත්විදින ආර්ථික පීඩනය පිළිබඳ ආණ්ඩුවට කියන්න පාරට බහින ජනතාවට ආණ්ඩුව සිදුකරන්නේ පොලීසිය යොදවලා අත්අඩංගුවට අරගෙන උද්ඝෝෂණ මර්දනය කරන එක. ආණ්ඩුවට අසාධාරණ ලෙස විදුලිබිල වැඩි කරන්න පුලුවන්. බදු ගෙවන්නේ නැති පිරිසගෙන් බදු අය කර ගන්නේ නැතුව ඉන්න පුලුවන්. කල් ඉකුත් වූ බෙහෙත් විකුණන්න පුලුවන්. මේ කාරණවලට විරුද්ධව තමයි ජනතාව උද්ඝෝෂණය කරන්නේ.

වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුව ඔවුන්ට සිතැගි පරිදි අසාමාන්‍ය ලෙස රටේ භාණ්ඩවල, අත්‍යාවශ්‍ය සේවා වල මිල වැඩි කරන විට ජනතාව පාරට බැස උද්ඝෝෂණය නොකර වෙන කුමක් කරන්නේදැයි මන්ත්‍රීවරයා එහිදී විමසා සිටියේය.

”ආර්ථික පීඩනය දරා ගන්න බැරුව පාරට බැහැලා උද්ඝෝෂණය කරන ජනතාව අත්අඩංගුවට ගන්නේ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්නවා වගේ. වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුව රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යටපත් කරන්න උත්සහ ගනිමින් සිටිනවා.”

”අවුරුද්දකට දෙවතාවක් විදුලිබිල සංශෝධනය කරන බවට කැබිනට් අනුමැතිය අරගෙන පසුගිය සතියේ නැවත වතාවක් විදුලිබිල සංශෝධනය කළා. විදුලි බිල වැඩි කිරීම පිළිබඳව මහජන අදහස් විමසන්න මහජන උපයෝගිතා කොමිසන් සභාව මහජනතාව කැඳවලා තිබුණා. එහිදි ජනතාව,විදුලි ඉංජිනේරුවරු කියනවා විදුලි බිල වැඩි කරන්න එපා කියලා. එසේ තිබියදී මහජන උපයෝගිතා කොමිසන් සභාව විදුලි බිල තුන්වැනි වතාවටත් සංශෝධනය කරන්න අවසර දුන්නා. පසුව ආණ්ඩුව නැවත කැබිනට් පත්‍රිකාවක් දාලා අවුරුද්දකට තුන් පාරක් විදුලි බිල සංශෝධනය කරන්න පුලුවන් කියලා අනුමැතිය ගත්තා. මහජන උපයෝගිතා කොමිසන් සභාව ගැනත් දැන් ප්‍රශ්නයක් තිබෙනවා.”

”මේ අතර ආණ්ඩුව 18%ක වැට් බද්ද අත්‍යාවශ්‍ය භාණ්ඩවලටත් පනවන්න උත්සහ කරනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩවට වැට් බද්ද පැනවීමෙන් රටේ ආදායම් පරතරය අසීමිත ලෙස ඉහළ යන්න පුලුවන්. ලෝක බැංකු වාර්තා අනුව 2019 ලංකාවේ දුප්පත්කම තිබුණේ 11.3%යි. 2022 දී දුප්පත්කම 25% දක්වා ඉහළ ගිහින්. රටේ ජනගහනයෙන් 25%ක් දුප්පත් කමෙන් පෙලෙනවා. දවසකට රුපියල් 1100 ක වඩා අඩුවෙන් ආදායම තිබෙන පිරිස දුප්පත් පිරිස ලෙස ලෝක බැංකු හදුන්වනවා. දවසකට රුපියල් 1100 ක වඩා අඩුවෙන් ආදායම් බලන ප්‍රමාණය රටේ 25%ක් ඉන්නවා.” යනුවෙන් රහුමාන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...