ඉන්දීය මුදල් අමාත්‍යවරිය ත්‍රිකුණාමලයේ සංචාරයක!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW) : ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරමන් මහත්මිය මේ වනවිට මෙරට තෙදින නිල සංචාරයක නිරතව සිටින අතර අද (02) උදැසන ත්‍රිකුණාමලයේ චාරිකාවක නිරත වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ත්‍රිකුණාමල‍යේ පිහිටි IOC සමාගමේ 11 වන සහ 12 වන පෙට්‍රල් ටැංකි ඉන්දීය මුදල් අමාත්‍යවරිය විසින් විවෘත කර ඇති බවද සඳහන්.

ඉන්දීය මුදල් අමාත්‍යවරිය ත්‍රිකුණාමලය කෝනේෂ්වරම් කෝවිලේ දී ආගමික වතාවත්වල නිරත වූ බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා.

ඇය ඊයේ (01) පස්වරුවේ මහනුවර දළදා මාලිගාව වෙත පැමිණ ශ්‍රී දළදා සමිදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගෙන ඇති බවද වාර්තා වුණා.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...