*
Wednesday, December 11, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලයන්ස් ගැටළුවත් පමා කළ නිලවරණය නිසා මතු වූ ගැටළුවක් බවට පත්වන ලකුණු

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 03,(LNW) කොළඹ :

මේ මොහොත වන විට ශ්‍රී ලංකා රග්බි ව්‍යවස්ථාවෙන් පිටත වැඩ කිරීම නිසා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දී ඇත.ඔහු නිසි පරිදි නිලවරණය පැවත්වීමට අපොහොසත්විම නිසා එල්ල වූ චෝදනා නිසා ඉවත් කරන්නට යෙදුණ පරිපාලනයේ සභාපතිවරයාම සම්පත් දායකයා ලෙස යොදා ගෙන ශ්‍රී ලංකා රගර් පාලනයට ගත් උත්සාහය නිසා මේ ගැටළුවලට මුහුණ පාන්නට මෙන්ම තවත් රගර් කේෂ්ත්‍රයේ සිඳු විය යුතු වෙනස්කම් සිඳු කිරීමට නොහැකි තත්ත්වයක් මතු වී ඇත.


මේ වන විට ඒ කාණ්ඩයට උසස් කරන ලද ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ක්‍රීඩා සමාජ කිහිපයක් විරෝධය පළ කරමින් ඇත.දීර්ඝ කාලයක් තිස්සේ ඒ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ කිහිපයක් පමණක් සිය අධිපති භාවිතාව ඇතුළේ ක්‍රීඩා කිරිම සීමා කර ක්‍රියා කිරීම අවසන් කිරීම හමාර කර කණ්ඩායම්වලට දක්ෂතාවය අනුව පෙරට යන්න අවස්ථාව තිබිය යුතුය.එවිට හොඳින් කළත් නොකළත් ඒ කාණ්ඩයේ රැදී සිටීමට මෙන්ම ඒ කාණ්ඩයේ වරප්‍රසාද භුක්ති විඳින්නට සිඳු වන්නේ නැත.


මේ ඉහළ පහළ යෑමේ -ඒමේ උවමනාව රගර් දියුණු තලයකට ගෙන ඒමට මඟ පාදනු ඇත.එහෙත් මේ මොහොතේ ඒ ක්‍රියාවලිය සිඳුවන්නේ රගර් ව්‍යවස්ථාවෙන් පිටත තැනකදී යම් නීතිමය නොවන තත්ත්වයක යන්න බරපතල ගැටළුවක් වෙමින් ඇත. 2024 මැයි 29 වන දින එය අත්හිටුවීමට පෙර, ශ්‍රී ලයන්ස් කණ්ඩායම ඇතුළත් කිරීම සඳහා සභාව කිසිදු නිල අනුමැතියක් ලබා දී නොමැති තත්ත්වයක,වගකීම් ඉටු නොකරන ලද නිසා ඉවත් කරන්නට යෙදුණ පරිපාලනයේ ලොක්කා සමඟ එක්ව ගත් මේ තීරණය වැරදි බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට එරෙහිව කරුණු දක්වන්නන් පෙන්වා දෙයි.


අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසන පරිදි ඉවත් කළ පරිපාලනයේ සභාපතිවරයා එම වගකීමට පත් කිරීම තමන්ගේ කාර්යයක් නොව අමාත්‍යවරයාගේ සහ ලෝක රගර් සම්මේලනයේ එකඟතාවයක් මත සිඳු වූ එකක් බවය.එසේනම් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කර ඇත්තේ බරපතල අවැඩකි.එක අතකින් නුසුදුසු යැයි කියා ඉවත් කරන පුද්ගලයෙක්ම එහි පාලනය ගෙන යාමට සුදුසුයැයි යෝජනා කිරීමය.පලමු නුසුදුසු බවේ ලිපිය අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනයක් ලෙස එන අතර දෙවැනි පත් කිරීම තමන්ගේ බලය යොදා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අතින් කර ඇත.සමහර විට හරීන් ප්‍රනාන්දු දුටු සෑම තැනකම හිටපු සභාපතිවරයාට ‘සර්‘ ලෙස අමතන්නට ගෞරව කරන්නට හේතු වූ පෞද්ගලික කාරණාවක් එහි තිබුණා විය හැකිය.


මේ අතර අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තවත් අතකින් සටන් කරමින් සිටින්නේ තමන්ගෙ ආධිපත්‍යය රැක ගන්නට වෙනත් ක්‍රීඩා සමාජ ඒ කාණ්ඩයට අවශ්‍යය නැතැයි පවසන ක්‍රීඩා සමාජවලට නිලවරණයේ බලයක් ලැබෙනාකාරයට ව්‍යවස්ථාව වෙනස් කරන ව්‍යහුයක් සකස් කිරීමටය.එසේම ප්‍රාදේශිය සංගම් සඳහා මෙම ක්‍රීඩා සමාජවලට ආශිර්වාද කරන පුද්ගලයින් පත් නොවන්නේ ඇයි ද කියන කාරණය ද අවධානයට යොමු වී නැත.එසේ වීමට හේතුව හැටියට කුඩා ක්‍රීඩා සමාජ මේ සුවිශාල ක්‍රීඩා සමාජවල පාවහන් යට තැලී පොඩි වී නැගිටීම වැළක්වීමේ වේදනාවෙන් සිටීමද බලපාන්නට බැරිද?


ශ්‍රී ලයන්ස් වැනි අලුත් ක්‍රීඩා සමාජ මතු නොවන තැනට වැඩ කරන්නේ එම ක්‍රීඩා සමාජ කිහිපයක් බමුණු කුලය සේ සුරැකිව තබා ගැනීමේ උවමනාව නිසා වන්නට බැරිද යන කාරණයද මේ ව්‍යවස්ථා සංශෝධන වෑයමට දාන බර අතරේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කල්පනා කළ යුතුය.එවැන්නක්නම් හොඳ වැඩෙන පැලවලට වල් නාශක ගැසීමේ චෝදනාවට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද,අසීමීත නින්දා ගැරහුම් ලබමින් වෙනස් කරන්නට උත්සාහ දරන ව්‍යවස්ථාව හරහාම පත් විය හැකිය.


අපි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එම පුටුවේ අසුන් ගත් මොහොතේම විශ්වාසයෙන් සුබ පැතුවෙමු.වංකගිරි ගමණේ ඉදිරි බාධක දුර තියා දැන හැඳින පෙන්නා දුන්නෙමු.රගර් සම්බන්ධයෙන් ද අපි ඒ දේ ම කීවෙමු.එහෙත් ඔහු ඇමති එක අතකින් කඹය දී ඒ කඹයේම කොණ තමන් අසුවන මන්දක් දමා ඇති බව ඔහු විශ්වාස නොකළේය.ඇමතිත් සර් කියන හිටපු ප්‍රතික්ෂේපිත නිලධාරියා තමන්ව ද ප්‍රතික්ෂේප වන මට්ටමට වැඩ නොකරනු ඇතැයි සිතුවේය.රගර් ව්‍යවස්තාවට අනුව නිලවරණය පවත්වා ලෝක සම්මේලනයේ නිර්දේශයන් ද ඔවුන්ට භාර දී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ද එම නිල සංයුතියට මාර්ගෝපදේශණයෙන් සහයෝගය දී කළ හැකිව තිබුණු වැඩක් ඔහු පෙන්නා දෙන්න පෙන්නා දෙන්න තඹයකට මායිම් නොකළේය.


දැන් නිලවරණය පවත්වා තිබුණානම් මඟ පෙන්වා පවතින පරිපාලනය හරහා වෙනස් කර ගත යුතුව තිබුණු ප්‍රතිපත්තිමය කරුණක් හැටියට බාධාවකින් තොරව ශ්‍රී ලයන්ට ඒ කොටසේ අවස්ථාව දෙන්නට තිබිණ.දැන් එය නීතියෙන් අභියෝග කරන මට්ටමට පැමිණ ඇත්තේ පළමු කොට තමන්ට පැවරුණු වගකීම් නිලවරණය පවත්වා රගර් ව්‍යවස්ථාව හරහා අලුත් නිල මඩුල්ලක් පත් කර ජාත්‍යන්තර සම්මේලනයට සහ ඔවුන්ට ඉදිරි කටයුතු කරගෙන යාමට දීමය.ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව පැත්තෙන් ඊට අවශ්‍යය සහයෝගය දීමය.එසේ නොකර, පත්වන රගර් පරිපාලනය නොදරුවන් කොට සිතා ජාත්‍යන්තර රගර් පරිපාලනයේ සහ ආසියානු පරිපාලනයේ උවමනාවන් තමන් විසින් ඉටු කරන්නට යාම නිසා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා රගර් විශාල අවුලකට ගෙන ගොස් ඇත.ශ්‍රී ලයන්ස් ද අද පත්ව ඇත්තේ එම වරදෙන් පීඩාවට පත් වූ තැනකටය.

http://www.sportwaynews.com

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan