දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW:

ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද දක්ෂයෙකි.ඇය ඒ කලාව නිසාම නිවුණා විය යුතුය.කිසිඳු කළබලයක් නැතුව සිය ඉලක්කය වෙත ඇඳෙන,සංයමය ඉවසීම ඇති එමෙන්ම ප්‍රචණ්ඩ ලෙස ප්‍රතිවාදියාව ඩැඑැ ගැනීමට මාන බලන කලාව ඇයගේ ක්‍රීඩා හැකියාව සහ කලා හැකියාවේ මුසුවක් විය යුතුය.එහෙත් මේ රුදුරු සෞන්දර්යවාදිණියට සිය සඟයන්ගෙන් නොලැබුණු විශ්වාස කළ සහය නිසා, දකුණු අප්‍රිකාවට ලෝක කුසලානය අහිමි වුණේය.


කෙසේ වුවත් ක්‍රිකට් ලෝකය වෙනස් වෙමින් පවතියි.ලෝකයේ දැවන්තයන් අභිබවා යන්නට හැකි මට්ටමට පසුකාලීනව ක්‍රිකට් හඳුනාගත් රටවල් වැඩෙමින් පවතියි.ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් තිබෙන්නේ ද ආකල්පමය වශයෙන් අවශ්‍යය වෙනස්කම් ක්‍රියාකාරිව හැසිරෙන තත්ත්වයට යම් ආකාරයකින් සංස්කරණය වූ පසුව ලෝක කුසලානයට යා හැකි මට්ටමය.


ඉන්දියාව මේ සූරතාවය වෙනුවෙන් සොයා ගත් වටිනාම ක්‍රීඩිකාව අමන්ජෝට් කෝර් ය.ඇය මේ තරගාවලියේදී කණ්ඩායම වෙනුවෙන් ඕනෑම දෙයක් දරන්නට සහ කරන්නට සූදානම් බව පෙන්නුවාය.ශ්‍රී ලංකාවට එරෙහිව තරගයේදී ඇය නිර්භීත ලෙස දියත් කළ ඉණිමට ශ්‍රී ලංකා පන්දු රකින්නියන් ලබා දුන් සහය නොවන්නට සමහර විට ඇය කණ්ඩායම තුළ ස්ථිරව නොසිටින්නට ද තිබුණාය.එහෙත් පසුව ඇය අංක තුන පිතිකරු ලෙස ද ක්‍රීඩා පිටියට ආවාය.තරගය ජය ගැනීම වෙනුවෙන් මුළු ශරීරයම වෙහෙසවන අතරේ මුළු සිතම ඒ වෙනුවෙන් නම්මාගෙන සිටීම ඇය තුළින් දැකිය හැකි වූ වැදගත්ම ලක්ෂණය වන්නේය.


අවසාන තරගයේදී පළමු කඩුල්ල දකුණු අප්‍රිකාවට අහිමි කළේ අමන්ජෝට් ගේ පන්දු රැකීමේ කුසලතාවයය.එසේම ඇය දකුණු අප්‍රිකාවේ ජයග්‍රහණය වළක්වා ගැනීම පිණිස රැකගත් ලෝරාගේ උඩ පන්දුවට ඉඟිළි ගියේ උන්නත් දාහයි මළත් දාහයි ඕනි ජයග්‍රහණය තමයි යන අදහසින්ය.


කෙසේ වුවත් තරගාවලියේ මුලදී නමගිය පිතිකාරිණිය ස්ම්‍රිතීට වඩා හොඳට පිත්ත හසුරුවමින් ක්‍රියා කළ ප්‍රටිකා රාවල් ආබාධයකට ලක්වීම නිසා යළි සෆාලි ෂර්මා කැඳවන්නට තීරණය විය.ෂිෆාලි අවසන් තරගය වන තෙක්ම ප්‍රටිකාගේ හිස්තැන ඒ තරමින්නම් පුරවන්න සමත් වූයේ නැත.එහෙත් ස්ම්‍රිති මන්දනා සමග අවසන් තරගයේදී ඉණිම අරඹමින් ලකුණු 104 ක් පළමු කඩුල්ලට එකතු කරන්නට වගේම පන්දු 78 න් ලකුණු 87 ක් ලබා ගත්තාය.තිරණාත්මක මොහොතට පන්දුවෙන් ද දායක වූ සෆාලි,ලකුණුු 36 ට කඩුලු 2 ක් ද දවා ගත්තාය.ඒවාද පහසු කඩුලු නොවේය.113 ක් ව පැවති ලකුණු පූවරුවට දකුණු අප්‍රිකාවේ තෙවන කඩුල්ල ද,ලකුණු 123 ක් ව තිබියදී සිව්වන කඩුල්ලද එකතු කරන්නට සමත් වූයේ සෆාලි ය.


ඉන්දීය ඉණිමේ පසුභාගය මේ තරගාවලියේ බොහෝ විට දකින්නට ලැබුණු පරිදි වැටුණේ දීප්ති ෂර්මා පිටය.ඇය එම වගකීම ඉතාම සැහැල්ලුවෙන් ඉටු කරන්නට දන්නීය.එපමණක් නොව අනෙක් අන්තයේ සිටින සිය සඟයාද මෙහෙයවමින් ඇයගෙන් ද වැඩ ගන්න දන්නේය.දීප්ති නිසාම ඉන්දීය ඉණිම කඩුලු 7 ට ලකුණු 298 ක් වූ බව විශ්වාස කිරීම නිවැරදිය.අයබොන්ගා කාකා ලකුණු 58 ට කඩුලු 3 ක් දවා ගත්තාය.මුල් කොටස තුළ ඉන්දියාව ලකුණු 350 ක් වැනි ලකුණු ප්‍රමාණයක්ට යන බව දැක ගන්නට තිබුණත් ලෝරා,සූක්ෂමව පන්දු යවන්නියන් තෝරා ගනිමින් ද දැවෙන සුළු පහරවලට පිතිකාරිණියන් පොළඹවන සුළු පන්දු යැවීමෙන්ද විශාල ලකුනු ගණනක් කරා යාමට තිබුණ ඉන්දීය උවමනාව හරහාට බාධකයක් ලෙස වැටෙන කඩුලු යෙදෙව්වාය.


දකුණු අප්‍රිකාව මේ අභියෝගයට සූදානම් බව පෙන්වමින් පළමු කඩුල්ල වෙනුවෙන් පිටියේ සැකසුණේ පිඩනයක් නොපෙන්වමින්ය.එහෙත් අමන්ජෝට්ගේ පන්දු රැකීමෙන් පළමු කඩුල්ල ලෙස ටෂ්මින් බ්‍රිට්ස් ලකුණු 23 ට දැවී යන විට ලකුණු පූවරුව 51 ක් විය.ඉනික්බිති අප්‍රිකානු ඉණිමේ ලකුණු 30 හෝ ඉක්මවා ලකුණු රැස් කරන්නට හැකියාව ලැබුණේ ඇනේරි ඩෙරෙක්සන් ට පමණි.ඇය ලකුණු 35 ක් ලැබුවාය.ලකුණු සටහන් නොවුණු දෙදෙනෙක් සමඟ තනි ඉලක්කමෙන් මේ දැවන්ත හඹා යාමට අසාර්ථක ලෙස දායක වූ පස්දෙනෙක් දකුණු අප්‍රිකානු ඉණිම තුළ දකින්නට ලැබිණි.


එහෙත් එක අන්තයක බලාපොරොත්තු අත් නොහැර සිටි ලෝරා හත්වන කඩුල්ල ලෙස ලකුණු 220 දී පිටියෙන් ඉවත් වූයේ රැක ගත හැකියැයි සියයට පනහක් පමණක් විශ්වාසය තැබිය හැකි උඩ පන්දුවක් අමන්ජෝට් අත් නොහළ නිසාය.ඒ තරගයේ 42 වන ඕවරයේ පළමු පන්දුවේදී ය.එහෙත් ඒ දැවීමෙන් පසුව පන්දු ඕවර් 45.3 ක් ගෙවෙන තැන දකුණු අප්‍රිකානු ඉණිම ලකුණු 246 ට නිමා විය.දීප්ති ෂර්මා කඩුලු 5 ට වග කියා තිබුණේ ලකුණු 39 ක් පමණක් ලබා දෙමින්ය.
ඒ ඓතිහාසික ජය සමරන්නට තරගාවලියේ මුල් කොටසේ ජයග්‍රහණ සඳහා සුවිශේෂි දායකත්වයක් සිය පිත්තන් ලබා දුන් ප්‍රිටිකා රාවල් පැමීණ සිටියේ රෝද පුටුවකින්ය.කාන්තා ක්‍රිකට් කණ්ඩායම කෙරෙහි වූ දේෂ දූරින්භූත කරන්නට මඟ කැපූ හිටපු නායිකා මිතලි රාජ් ද කණ්ඩායම සමඟ එක් වුණායා.කණ්ඩායමේ සියළුම ක්‍රීඩිකාවන් ඒ එක්වීම බොහොම ගෞරව පූර්වකව සිය ප්‍රීතියේ මැවුම් කාරිය ලෙස සළකමින් පිළිගැනීම ද අපූරු එකක් විය.
පහතින් දක්වා ඇත්තේ තරගයේ ලකුණු සටහනය.
https://bit.ly/3JEDWe2

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...