වෙනිසියුලාව සමඟ යුද්ධයක යාමට ඉඩ ඇති බව ජනාධිපති ට්‍රම්ප් කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය වෙනිසියුලාව සමඟ යුද්ධයක යාමට ඉඩ ඇති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයා මේ බව CBS හි 60 Minutes සාකච්ජාවක් අතරතුර ප්‍රකාශ කර තිබු අතර ජනාධිපති ට්‍රම්ප් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, වෙනිසියුලාව අපට ඉතා නරක ලෙස සලකන බවයි.

එක්සත් ජනපදයේ ගුවන් යානා 90 ක් දක්වා රැගෙන යා හැකි ලොව විශාලතම යුද නෞකාව USS ජෙරල්ඩ් ආර් ෆෝඩ් මේවන විට කැරිබියන් දුපත් වෙත ස්ථාන ගතකර ඇති අතර කැරිබියන් දූපත් වල මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට චෝදනා එල්ල වන බෝට්ටුවලට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය දිගටම ප්‍රහාර දියත් කරමින් සිටියි. මේ හේතුවෙන් මේවන විට එක්සත් ජනපද ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 64 දෙනෙකු මියගොස් ඇත.

ඇමරිකා එක්සත් ජනපදයට මත්ද්‍රව්‍ය ගලා ඒම වැළැක්වීම සඳහා මෙම වැඩවර්ජන අවශ්‍ය බව ට්‍රම්ප් පරිපාලනය ප්‍රකාශ කර ඇති අතර මේ සම්බන්ධයෙන් වෙනිසියුලානු ජනාධිපති මදුරෝ ප්‍රකාශ කර තිබුණේ, වොෂින්ටනය “නව යුද්ධයක් නිර්මාණය කරන” බවයි. මේ සමබන්ධයෙන් කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ පවසා ඇත්තේ බෝට්ටු වලට එල්ල කරන ප්‍රහාර එක්සත් ජනපදය විසින් ලතින් ඇමරිකාව “ආධිපත්‍යය” සඳහා භාවිතා කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...

මෝදර තට්ටු නිවාස සංකීර්ණයක බදාම කොටසක් කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, මෝදර, මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි හෙළමුතු...