රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

Date:

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ අධ්‍යනාංශයේ අංශාධිපති මහාචාර්ය ගාමිණී වීරසිංහ මහතා පවසයි.

රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක පැවතීම තුළ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවටද යහපත් පණිවිඩයක් ගලායන බවයි මහාචාර්යවරයා සඳහන් කරන්නේ.

”අයවැය හිඟය අඩුවෙනවා කියන එකේ තේරුම ඇත්තටම සාමාන්‍යයෙන් අයවැය හිඟය අඩු වෙන්න බලපාන මූලික කාරණය තමයි එක පැත්තකින් රාජ්‍ය ආදායම් ඉහළ යනවා. අනිත් පැත්තෙන් රාජ්‍ය වියදම් අඩු වෙනවා. එතකොට අපිට ගැටළුවක් තියෙනවා රාජ්‍ය වියදම් අඩු කිරීමේදී අපි මොනවද අඩුකරන්නේ කියල. මුළු ආදායමින් 89%ක් විතරම තියෙන්නේ බදු ආදායම. බදු ආදායම් තුළ ඇත්තටම අපි දකින්නේ පහුගිය කාලයේ වැඩිම දායකත්වය තියෙන්නේ වක්‍ර බදු වලට. නමුත් අපි දැක්ක පහුගිය කාලය තුළ සෘජු බදු ආදායම ඉහළ නංවා ගැනීම සඳහා රජය විසින් යම් යම් ක්‍රියාමාර්ග අනුගමනය කරලා ඒ බද්දට යටත්වෙන පාර්ශවයන්ගේ ප්‍රමාණය ඉහළ නංවා ගනිමින් විවිධ ක්‍රියාමාර්ග අරගනිමින් බදු අදායම ඉහළ නංවා ගන්න ආකාරය දකින්න පුළුවන් වුණා. ශ්‍රී ලංකා මහ බැංකුව විසිනුත් කියල තිබුණා පහුගිය මාස හයක කාලය තුළ රාජ්‍ය ආදායම 20%ක 22%ක වගේ ප්‍රමාණයකින් ඉහළ යමක් තියෙන බව. ඒක ඉතාම හොඳ ලක්ෂණයක්. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට අයවැය හිඟය පහළ යාම අඩු අඩුකරගන්න පුළුවන් වෙනවා නම් ඒකෙන් පොඩි සංඥාවක් ලබාදෙනවා ආර්ථිකයේ දිශානතිය පිළිබඳව. ඒකෙන් පෙන්නුම් කරනවා රටේ මූල්‍ය විනය ඒ වගේම මූල්‍ය කාර්යක්ෂමතාවය යහපත් මට්ටමක තියෙනවයි කියන එක. ඒක ආර්ථිකයක ජාත්‍යන්තර ප්‍රජාවේ දැක්ම පිළිබඳ ඉතාම වැදගත් වෙනවා. එය ඉදිරි ආර්ථිකය ගැන යම් යහපත් තත්ත්වයක් ලෙස හඳුනාගන්න පුළුවන්.” යනුවෙන් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...

දුම්රිය සහ ඉංජිනේරු සංස්ථාවේ හිටපු ලොක්කෝ දෙන්නෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

කොළඹ LNW: ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයෙකු වූ...