රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW:
යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර තිරසර වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝපා සංගමය විසින් එකඟතාව පළ කරනු ලැබ ඇත.
හරිත සංක්‍රාන්ති මූල පිර්ම සහ දේශගුණික බලපෑම්වලට ඔරොත්තු දෙන වෙළෙඳ භාවිතයන් ප්‍රවර්ධනය කිරීම මගින් ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර තිරසර වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම, වෙළෙඳ කටයුතු හා සම්බන්ධ ආයතනික ධාරිතාවන් වැඩිදියුණු කිරීම සහ යුරෝපා සංගමයේ වෙළෙඳපොළ වෙත ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වීම ප්‍රවර්ධනය කිරීම පිණිස ශ්‍රී ලංකාව දරන උත්සාහයට සහාය වීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මගින් අපේක්ෂා කෙරේ.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය විසින් වසර 04ක කාලසීමාවක් තුළ යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් යුරෝ මිලියන 10ක ප්‍රදානයක් ලබා ගැනීම සඳහා වන මූල්‍ය ප්‍රදාන ගිවිසුම යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් තැබීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



