*
Friday, September 20, 2024
spot_img

Latest Posts

අපි නැති, අපිට වැදගත් හෙට

ලෝක කුසලාන තරගාවලියේ හෙට (නොවැම්බර් 04) පැවත්වෙන තරග දෙකෙන් එක් තරගයකදී නවසීලන්තය හෝ ඕස්ට්‍රේලියාව පරාජයට පත්වීම ශ්‍රී ලංකාවට වැදගත්ය.එම කණ්ඩායම් දෙකම හෙට පැවත්වෙන තරග ජය ගතහොත් ශ්‍රී ලංකාවට නොවැම්බර් පස්වන දා එංගලන්තය පරාජයට පත් කළ ද අවසාන පූර්ව වටයට ඒමට අවස්ථාව හිමිවන්නේ නැත.
දැනටමත් ඕස්ට්‍රේලියාව සර නවසීලන්තය ලකුණු 5 බැඟින් ලබා ගෙන ඇත.ඒ තරග හතරක් නිමාවන විටය.නමුත් තරග හතර් නිමාවන විට ශ්‍රී ලංකාව ලබා සිටින්නේ ලකුණු හතරක් පමණය.අපි හෙට නවසීලන්තය සහ ඕස්‍රටේලියාව ජය ගතහොත් ඔවුන්ට ප්‍රසාද ලකුණු දෙකක් හිමිවන අතර එවිට ඔවුන් ලකුණු හතේ සීමාවට ළඟා වන්නේය.එවිට ශ්‍රී ලංකාවට එංගලන්තය පරාජයට පත් කර ලැබිය හැකි ලකුණු දෙක සමඟ ඔවුන්ට ලැබෙන්නේ ලකුණු හයකි.

එසේම ඕස්ට්‍රේලියාව සහ නවසීලන්ත එම තරග ජය පරාජයෙන් තොරව කෙළවර කළහොත් ඔවුන්ට යා හැකි වන්නේ ද ලකුණු හයේ සීමාවටය.එවිට ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝගය හොඳ ලකුණු වේගයක් පවත්වා ගනිමින් එංගලන්තය පරාජය කිරීමය.ලකුණු වේගය එවැනි අවස්ථාවක අත්‍යවශ්‍යය වන අතර එහිදී ලකුණු වේගය අතින් ශ්‍රී ලංකාව මේ වන විට සිව්වන තැන සිටීම එයට හේතුවය.

ඕස්ට්‍රේලියාව,එංගලන්තය සහ නවසීලන්තය යන කණ්ඩායම් තුනම හෙට සහ අනිද්දා තරග ජයග්‍රහණය කළ ද සත්කාරක ඕස්ට්‍රේලියාවට අවසාන තරගයට එන්න අපහසුය.ඒ ඔවුන් සම ලකුණුලාභින් අතර ලකුණු ලැබීමෙන් තෙවන තැන සිටින නිසාය.ඒ නිසා හෙට ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය සොයා යන්නේ අමතර පීඩනයක් සමඟය.එම පිඩනය හමුවේ ඔවුන් මුහුණ දෙන්නේ ඇෆ්ගනිස්තානයට ය.ලොව ප්‍රධාන පෙළේ විස්සයි විස්ස තරගාවලි සඳහා වැඩිම ඉල්ලුම් සහිත ක්‍රීඩකයන් රැසක් සතු ඇෆ්ගනිස්තානය තරගාවලියේ අවසාන පූර්ව වටයට යන්නට නොහැකි වුව ද,මෙම කරගයේ දී හෝ ජයග්‍රහණයක් ලබන්න උත්සාහ දරනු සැක නැත.ඉහළ ලකුණු වේගයක් කළමණාකරනය කරමින් පන්දුවට පහර දෙන්න හදන ඕස්ට්‍රේලියාවට විශේෂයෙන් රෂීඩ් ඛාන්,මුජීබ් උර් රහ්මන් මෙන්ම නායක මොහොමඩ් නාබි සහිත දඟ පන්දු යැවීමේ බල ඇණිය සමඟ පහසුවන්නේ නැත.

නවසීලන්තය පරාජයට පත් කළ එංගලන්තයට පරාජය අත් කර දුන් අයර්ලන්තයද නවසීලන්තයට සුළුවෙන් තකන්නට නොහැකිය.විස්සයි විස්ස ක්‍රිකට් හී අවිනිශ්චිත ස්වභාවයත් එක්ක තීරණය හැමවිටම විවෘතය.ඒත් ලාංකේය ක්‍රිකට් ලෝලීන් හෙට දවසේ දී ද බොහෝ විට ක්‍රීඩාංගණ කරා යනු ඇත.ඒ අයර්ලන්තයටත් වඩා ඇෆ්ගනිස්ථානයට ජය පැතීමටය ඊට හේතුවන්නේ නවසීලන්තය පරාජය වුවහොත් අයර්ලන්තය ද එංගලන්ත තරගයට පෙර ශ්‍රී ලංකාවට ඉහළින් නැවතීමය.අයර්ලන්තය දැනට ලකුනු තුනක් ලබා සිටින අතර ඔවුන් නවසීලන්තය පරාජය කළහොත් ලකුණු පහක් ලබා හතරක් ලබා සිටින ශ්‍රී ලංකාව අභිබවා පෙරට එනු ඇත.
නමුත් හෙට කුමන තීරණයක් ලැබුණ ද,අවසාන පූර්ව වටයට ඉඩ නැති ආකාරයේ ප්‍රතිපලයක් පැමිණිය ද,අනිද්දා එංගලන්තය පරාජය කිරීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට වැදගත්ය.එසේ වුවහොත් ලෝක කුසලාන තරග ජයග්‍රශන වැඩියෙන් භුක්ති වින්ද කණ්ඩායමක් හැටියට නිමා කරන්නට ශ්‍රී ලංකාවට හැකිය.ශ්‍රී ලංකාව තරගය නිමා කරන්නේ තරග පහෙන් තුනක් ජයගත් කණ්ඩායමක් හැටියට ය.
ලෝක කුසලාන තරගවල ශ්‍රී ලංකාව සිටින ඛාණ්ඩයේ පමණක් නොව අනෙක් කාණ්ඩයේ ලකුණු සටහන ද අද උදෑසන විට පැමිණි තත්ත්වය මේ සමඟ ඇත.එසේම අප සිටින ඛාණ්ඩයේ ඉතිරිව ඇති තරග ද දක්වා ඇත.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan