කටාර් රාජ්‍යයෙන් මිලියන 55 ක වෛද්‍ය උපකරණ..

Date:

කටාර් රාජ්‍ය විසින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට රුපියල් මිලියන 55 ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් ඊයේ (01)  පරිත්‍යාග කෙරිණි. එම ප්‍රදානය ශ්‍රී ලංකාවේ කටාර්  තානාපති ජසීම් ජේබර් අල් සෝර් ( Jassim Jaber Al Sorour) මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේදී නිල වශයෙන්  භාර දුන්නේ ය.

හදිසි සත්කාර ඒකක ඇඳන්, operating table, x-ray portable, ventilators, Liner Flovac 1 L , infusion pump, blood fluid warmer ,male connector for flovac line , hand held doppler  portable fire, bed side cabinet  ආදි උපකරණ තොගයක් ඒ අතර වේ.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා,

අද අපි මේ ගෙවමින් පවතින්නේ සුමට පහසු යුගයක් නොවේ. ඖෂධ හිඟයක් තිබෙන බව අපි පිළිගත යුතුයි. ඖෂධ හිඟ ඉතිහාසයේ විටින් විට ඇති වුණත් අද තත්ත්වය වෙනස්ම පසුබිමක්. පෙර නො වූ විරූ ආකාරයක අත්දැකීම් වලට මුහුණ දෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු දෙනාම මේ සඳහා කැපවීමෙන් කටයුතු කරනවා. එවැනි අවස්ථාවක මෙම පරිත්‍යාග අපට මහත් පිටිවහලක්. ශ්‍රී ලංකා රජය පුරවැසියන් වෙනුවෙන් මම මාගේ ස්තුතිය  පිරිනමනවා.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ කටාර් තානාපති Jassim Jaber Al Sorour මහතා,

එන්නත්කරණය සාර්ථකව සිදු කරමින් ශ්‍රී ලංකාව කොවිඩ් ව්‍යසනය ජය ගත් ආකාරයෙන්ම මෙම අභියෝගයන්ද ජයග්‍රහණය කිරීමට හැකිවේවි. ලෝකයම එකම පවුලක් ලෙස අපි මේ අවස්ථාවේදී හැකි පමණින් උදව් උපකාර කරනවා. දැනටමත් දෙරට අතර විශාල වශයෙන් සම්බන්ධතා ගොඩනැගෙමින් තිබෙනවා. ශ්‍රී ලංකා පුරවැසියන් විශාල වශයෙන් අප රටේ සේවය කරනවා. තවත් රැකියා අවස්ථා වැඩි කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ,කටාර් තානාපති කාර්යාලයේ දෙවන ලේකම්වරුන් වන Ali Salem Al Nuimi සහ Ali Hasan Alemadi යන මහත්වරුන් මෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ,අධ්‍යක්ෂ (ඖෂධ ආධාර සම්බන්ධීකරණ ) වෛද්‍ය අන්වර් හම්දානි යන මහත්වරුන්ද  මෙම අවස්ථාවට එක්වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන – ඊශ්‍රායල යුද්ධයේ නව ප්‍රවණතා හා හැරවුම්…..?

අශෝක ජයතුංග ජූනි 18 වොෂින්ටන් LNW : 🍎ඊශ්‍රායලය කෑ සුපරිම කෑම.?🍎මොසාඩ්...

2025 පළමු කාර්තුවේ ආර්ථිකය වර්ධනය වුනේ කොහොමද ?

මෙම වසරේ (2025) පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය 4.8%ක...

වැසි තත්වය තවදුරටත් වෙනස් වෙයි – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 18) දිනයේදී බස්නාහිර සහ...

නරක තොණ්ඩමන් හොඳවෙයි. මාලිමාව තොණ්ඩමන් සමග එක්ව සභා දෙකක බලය පිහිටුවයි !

ජාතික ජන බලවේගය ජීවන් තොණ්ඩමන්ගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු...