ඕමානයෙන් රුපියල් මිලියන 191 ක ඖෂධ

Date:

ඕමාන් රජය විසින් ශ්‍රී ලංකාව වෙත රුපියල් මිලියන 191 ක් වටිනා ඖෂධ ආධාර තොගයක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කෙරිණි.

හෘද රෝග ,අධි රුධිර පීඩනය, ආතරයිටීස්, හෝමෝන අසමතුලිතතා, පියයුරු පිළිකා ඇතුළු පිළිකා රෝග,ස්නායු රෝග සඳහා භාවිතා කරන අත්‍යවශ්‍ය ඖෂධ මේ අතර වේ.

ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයට ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ පා තිබෙන බවත් ඒ හේතුවෙන් ඖෂධ හිඟයක් මතුවෙමින් පවතින බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අදාළ බලධාරීන් ඒ තත්ත්වය කළමනාකරණය කර ගනිමින් යථා තත්ත්වයට එය ගෙන ඒමට වෙහෙස ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.ඒ අතරතුර විවධ රටවලින් කෙරෙන මෙවැනි ඖෂධ ආධාර මහත් පිටිවහලක් බවද අමාත්‍යවරයා මෙහිදී කීය.

විශේෂයෙන් ඕමාන් රාජ්‍ය හා ශ්‍රී ලංකාව අතර දැනුම් හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කෙරෙහිද අමාත්‍යවරයා හා තානාපතිවරයා මෙහිදී සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ ඕමාන් තානාපති Said Al Naseer Al Harbi ( සයිද් අල් නසීර් අල් හර්බි) මහතා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරීන් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, අධ්‍යක්ෂ (ඖෂධ ආධාර සම්බන්ධීකරණ)වෛද්‍ය අන්වර් හම්දානි යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් මේ සඳහා සහභාගි විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...