නාමල්ට ලිංගික අඩත්තේට්ටම් චෝදනාවක්. ගස් බැඳ පහරදීලා (VIDEO)

Date:

කාන්තාවකට ලිංගික අඩත්තේට්ටම් කළ බවට ඉදිරිපත් වූ පැමිණිල්ලකට අනුව දූෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර වරකාපොල පොලිසිය විසින් පෙරේදා අත් අඩංගුවට ගෙන තිබේ.

තම නිවස තුළට පැමිණ තමන්ට ලිංගික අඩත්තේට්ටම් කළ බවට කාන්තාවක් විසින් කළ පැමිණිල්ලකට අනුව ඔහුව මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.

එහිදී නාමල් කුමාරව ගසක බැඳ පහරදීමකට ද ලක් කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් නාමල් කුමාර පොලිසියට පවසා ඇත්තේ නීතිවිරෝධී මත්පැන් අලෙවි කරන නිවසක් පිළිබඳ ඔත්තු බැලීමට වාරියගොඩ ප්‍රදේශයට ගිය අවස්ථාවේදී අදාළ කාන්තාව ඇතුළු පිරිසක් තමන්ට පහරදුන් බවයි.

තමන් එසේ ඔත්තු බැලීමට ගියේ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ වරකාපොළ පොලීසියේ ස්ථානාධිපතිවරයා පැවසූ පරිදි බවට ඔහු ප්‍රකාශ කර ඇතත් පොලිසිය පවසන්නේ නාමල් කුමාර තමන්ට කිසිදිනෙක ඔත්තු ලබාදී නොමැති බවකි.

නාමල් කුමාරට පහරදීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනුණු අදාළ කාන්තාව ඇතුළු පස්දෙනා ද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.

නාමල් කුමාර ප්‍රසිද්ධියට පත්වූයේ පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව සහ ගෝඨාභය රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කළ ප්‍රකාශ නිසා ය. මහත් ආන්දෝලනයකට පත්ව ආණ්ඩු පෙරළියක් ද සිදුවූ එම ප්‍රකාශයෙහි කිසිදු පදනමක් නොමැති බව පසුව අනාවරණය වී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...