සොබාදමේ ආකිටෙක්ට්ලා

Date:

මියුසික්වලට පුළුවන් ඕනම සික් එකක් වැනිශ් කරලා දාන්න. ඒක තමයි මියුසික් ලැන්ග්වේජ් එකේ යුනික්නස් එක. අපි දන්න විදියට මියුසික් කියන්නෙ යුනිවර්සල් ලැන්ග්වේජ් එකක්. ඒ නිසා අපට මියුසික් එසන්ස් එක ෆීල් වෙනවා. හැබැයි තැනක් නොතැනක් නැතුව මියුසික් එකක් කම්පෝස් කරන්න බෑ. ඒකට එන්වයර්මන්ට් සෙට් අප් එක මුළුමනින්ම බලපානවා. ඒකෙ තේරුම  සද්ද බද්ද නැති ෆුල් ක්ලැසික් වටපිටාවක් තියෙන්න ඕනෙම කියන එක නෙවේ. 

 ‘පියෑනිස්ට්’ වගේ මූවි එහෙක අපි දැකලා තියෙනවා , සද්ද අස්සෙන් ඉපදිච්ච මියුසිකල් නෝට්ස්. බට් මියුසික් ඉගෙන ගන්න නම් ක්ලැසික් එන්වයර්මන්ට් එකක් බලාපොරොත්තුව වෙන එකේ වැරැද්දක් නෑ. 

හන්ගේරියාව කියන්නෙ මියුසික්වලින් හොඳටම තෙම්පරාදු වෙන්ඩ කැමති රටක්. ලොවක් කතාවෙන මියුසික් සොනෙටාස් ගොඩක් බිහිකරපු මියුසීෂියන්ස්ලා එහෙ ඉන්නවා. ඉඳලා තියෙනවා. හන්ගේරියානු භූමිය උඩ ජපනෙක් කරපු හපන්කමක් තියෙනව මියුසික් ලවර්ස්ලා වෙනුවෙන්. සෝව් ෆුජිමොටෝ , ජැපනීස් ආකිටෙක්ට් කෙනෙක්. මිනිහා, ‘හවුස් ඔෆ් මියුසික්’ , කියලා මියුසික් පැරඩයිස් එකක් හන්ගේරියාවෙ ගොඩනගනවා.

 ගෘහ නිර්මාණශිල්පීය නිර්මාණ අතර මේ අවුරුද්දෙ (2022) දැවැන්ත විදියට කැපී පෙනෙන ගොඩනැගිල්ලක් විදියට මේක සලකනවා. හේතුව තමයි, මේක හදලා තියෙන්නෙ විශාල උද්‍යානයක් මැද්දෙ. ඒ උද්‍යානෙ ගස් හරිම සීරුවට බේරලා , එකෝ ෆ්‍රෙන්ඩ්‍රි විදියට කරලා තියෙන වැඩක්. 

මූලික කන්සෙප්ට් එක වෙන්නෙ ‘ සොබාදහම සමග සහයෝගිතාව හා සමතුලිතතාව’ කියන එක. ෆවුන්ඩේශන් ස්ලෝගන් එක එහෙම තියාගෙන තමයි මේ ‘සංගීත ගෙදර’ ඩිසයින් වෙන්නෙ.  සවුන්ඩ් ,නේචර්  ඇන්ඩ් එන්ලයිට්මන්ට් කියන එලිමන්ට්ස් තුන ඉබේ මික්ස් වෙලා ඒ තුළින් සංගීත නිර්මාණ වීමට ඉඩක් හදල දෙන එක තමා ඊළඟ පියවර වෙලා තියෙන්නෙ. වහලෙ තියෙනවා ආවාට වගේ සිදුරු සියයක්. සවුන්ඩ් වේව්ස්වල ලොකු ස්කේල් එකක් ජනනය වෙන විදියට තමා ඒ සිදුරු හදන්නෙ. වර්ග මීටර 9,000ක් ගොඩනැගිල්ල විහිදිලා තියෙනවා. ඒක ඇතුළෙ  එක්සිබිශන් හෝල්ස්, තියට්‍රස් , ලයිබ්‍රරීස්, ක්ලාස් රූම්ස් හැමදේම තියෙනවා.  බිල්ඩින් එක ඇතුළෙ තියෙන සර්පිලාකාර පඩිපෙළ ස්පෙෂල් ලොකේශන් එකක්.  ඒ වගේම වෙස්ටන් මියුසික්, හිස්ටොරිකල් ජර්නි එකක් එක්ස්පීරියන්ස් කරන්නත් ඉඩක් නිර්මාණය වෙනවා. ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් කියන කැටගරි එකට තමා මේ ගොඩනැගිල්ල අයිති වෙන්නෙ. 

සිංහල කියවන්න පුළුවන් ආකිටෙක්ට් සයිඩ් එකට ඉන්ටරෙස්ට් අයට පොඩි හින්ට් එකකුත් දෙන්න baltimoraට ඕනෙ. මේ එලිමන්ට් එක ලියන්න තෝරගන්නෙත් ඒ හේතුව ඇතුවයි. වර්ල්ඩ්වයිඩ් ආකිටෙක්චර් අවෝඩ් සෙරමනි එකක් තියෙනවා . ‘Architecture MasterPrize’ ඕක තමා නම. ඔය නමින්ම තියෙනවා වෙබ් සයිට් එකට ගියාම හැම විස්තරයක්ම එතනින් පික් කරන්න පුළුවන්. වැදගත්ම දේ 2023 අවෝඩ්ස්වලට ඇප්ලිකේශන් දැන් වෙද්දි ඕපන් වෙලා තියෙනවා. සයිට් එක පැත්තෙ ගිහින් බැලුවොත් අපේ රටේ දෙයක් ලෝකෙ මැද්දට ගෙනියන්න පාත් එක හදාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. හදන , හැදෙන අයට ජය වේවා!

BALTIMORA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...