කවුරුන් මොනවා කීවත් විපක්ෂ නායකවරයාගේ ක්‍රියාව නිවැරදිය !

Date:

ඊයේ (02) දිනයේදී විපක්ෂයේ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එක්ව පැවැත්වූ විරෝධතා පා ගමනට පිටකොටුව ප්‍රදේශයේදී පොලිසිය විසින් බාධා කර තිබුණු අතර එම පා ගමන සංවිධානය කර තිබුණු පරිදි කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට යාමට ඉඩ නොදී එය නැවැත්වීමට පොලිසිය කටයුතු කර තිබිණි.

එහිදී එම සාමකාමී පා ගමනට ඉඩ නොදීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් සමග සාකච්ඡා කර විසඳුමකට පැමිණීමට නොහැකි වූ අතර අවසානයේ එම ස්ථානයෙන් පිටව යාමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබිණි.

එම අවස්ථාවේදී එම ස්ථානයෙහි සිටි සුළු පිරිසක් වෙතින් විපක්ෂ නායකවරයාට යම් විරෝධයක් එල්ල වී තිබුණු අතර ආණ්ඩුවට හිතවත් මාධ්‍ය ආයතන ඒ පිළිබඳ පුවත රසකරමින් පළ කර තිබිණි. එම පුවත් සහ වීඩියෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේත්, එක්සත් ජාතික පක්ෂයේත්, ජනතා විමුක්ති පෙරමුණේත් ආධාරකරුවන් එක්ව මහත් උද්දාමයෙන් යුතුව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගනු ද දක්නට ලැබිණි.

රටක විපක්ෂ නායකවරයා යනු සමස්ත විපක්ෂයේම නායකවරයා වන අතර ඔහු රටේ විකල්ප රාජ්‍ය නායකයා ය. එම විරෝධතාවට අවසර ලබානොදෙන බවට පොලිසිය විසින් ලිපියක් විපක්ෂ නායකවරයා වෙත ද යොමුකර තිබුණු අතර ඔහු එය නොතකා එම විරෝධතාවට සහභාගී වී තිබිණි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ එසේ විරෝධතාවලට අවසර නොදෙන බව කීමට පොලිසියට අයිතියක් නොමැති අතර පොලිසිය විසින් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් නිකුත් කළ ලිපිය නොතකා හැර එම විරෝධතාවට එක්වීමෙන් විපක්ෂ නායකවරයා කළේ නිවැරදි ක්‍රියාවකි.

එසේම පොලිසිය එම විරෝධතා පා ගමන වැළැක්වූ විට බැරියර් පෙරළාගෙන රැම්බෝ පන්නයේ සංදර්ශනයක් නොපෙන්වා එම ස්ථානයෙන් සාමකාමීව ඉවත් වීමට කටයුතු කිරීම ද රටේ විපක්ෂ නායකයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා ගත් නිවැරදිම පියවරකි. රටේ විපක්ෂ නායකවරයා සිටින්නේ මහපාරේ පොලිසියත් සමග ගුටි කෙළගැනීමට නොවේ. ඔහු එවැන්නක් සිදු කළේ නම් එය ජනතාවට ඉතාම වැරදි පූර්වාදර්ශයක් වීමට ද ඉඩ තිබිණි. ඒ අනුව එවැන්නකට කිසිසේත්ම නොයා තමන්ගේ තත්වයත් රැකගෙන, ජනතාව කුපිත වීමත් වළක්වාගෙන එතැනින් ඉවත්ව යමින් විපක්ෂ නායකවරයා කළේ ඉතාම ඥානාන්විත ක්‍රියාවකි.

රටක් ආර්ථික අර්බුදයකින් ගොඩගැනීම යනු කොලිවුඩ් චිත්‍රපටවල එන සුපිරි වීරයින් මෙන් මහපාරේ සීයකට දෙසීයකට තනියෙන් පහරදී පොලිස් බල ඇණියක්ම තනියෙන් එළවා දමා මස් පිඬු පුම්බා පෙන්වීමෙන් කළහැකි වැඩක් නොවේ. ඇතැමුන්ට තමතමන්ගේ දේශපාලන නායකයා එවැනි “පොරක්” බව කියාගන්නට ලොකූ‍ අමාරුවක් ඇති අතර අනෙක් අය එසේ නොවන බව කියාගන්නට ද සුපිරිම අමාරුවක් තිබේ. එහෙත් වගකීමක් ඇති දේශපාලන නායකයකු යනු එවැනි අමාරුකාරයින්ගේ අමාරු සනීප කිරීම වෙනුවෙන් තම දේශපාලන ක්‍රියාමාර්ග තෝරන්නේ නැති කෙනෙකි.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ ඊයේ හැසිරීම ඔහුගේ තනතුරටත් පුද්ගල ප්‍රතිරූපයටත් ගැලපෙනම ක්‍රියාවයි.

~ දර්ශන වීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TASTY TUESDAYS: ලෝකෙ වටේ යන ගමනේ ඊජිප්තුවේ Koshari (Discover the Magic of “Koshari” — Egypt’s Ultimate Comfort Bowl)

සටහන – පුලී නොවැම්බර් 18, කොළඹ (LNW): කොම්ෆර්ට් ආහාරවලට රජෙක් සිටියා...

අනතුරු ඇඟවීම් යතාර්ථයක් බවට පත්වූ වගයි: කෘතිම බුද්ධිය බිල්බෝර්ඩ් සංගීත දර්ශකය ද ආක්‍රමණය කරයි!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 18, ලෝකය (LNW): මෙම සතියේ සංගීත ලෝකයේ...

තංගල්ලේ වෙඩි තැබීමක්: අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : අද (18)...

මහින්දට 80 යි : මහින්ද ඉගෙනගත යුතු පාඩම සහ මහින්දගෙන් ඉගෙනගත යුතු පාඩම ….

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...