*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

වන්දනීය වන්දා ….

ජුරාසික් පාක් චිත්‍රපටිය නැරඹුවා නම් මතක ඇති ඇම්බර් ෆොසිලයක් ඇතුලෙ හිරවුනු මදුරුවාගේ සිද්ධිය. චිත්‍රපටියට අනුව මේ මදුරුවාගෙන් ලබාගන්නා ලේ තුල ඇති ඩී එන් ඒ මගින් ඩයිනෝසෝරයන්ට යලිත් වතාවක් ජීවය ලබාදෙනව. අපි කතාකරන මේ ඩයිනෝසෝරයන් ජීවත් වෙන්නෙ අදින් අවුරුදු මිලියන 65 ත් මිලියන 225 ත් පෙර අතර කාලයකයි.

ජුරාසික් පාක් කතංදරයේ මදුරුවා … රචනා කරන ලද හෝ ගොතපු කතාවක් වුනත් මේ පිංතූරයේ දකින වන්දා සැබෑම ෆොසිලයක්.

ඇම්බර් කියන්නෙ මොකද්ද කෙනෙකුට අහන්න පුළුවන්.

ඇම්බර් නිර්මාණය වෙන්නෙ ශාඛ වලින් නිකුත් කරන මැලියම් වර්ගවලින්. කජු ගස්වලින් නිකුත් කරන මැලියම් ගන අපි හැමෝම දන්නව. ගස් වලින් මේ මැලියම් නිකුත් කරන්නෙ ශාඛ කඳේ තුවාල වූ තැන් කෘමීන්ගෙන් ආරක්ශා කරගැනීමටත් .. ඒ එක්කම වර්ශාවෙන් හා වාතයෙන් ආරක්ශා කරගැනීමත් සඳහායි.

කාලයක් ගතවුනාම මේ මැලියම් ඉතා තද ඝණ වස්තුවක් බවට හැරෙනවා. වසර සිය දාස් ගාණක් සමහරවිට වස​ර මිලියන ගණනකට පස්සෙ මේ ඇම්බර් පාශාණ තරම් ඝනවෙද්දි.. “ඇම්බර්” මිළෙන් අධික වස්තුවක් බවට පත්වෙනව. විශේෂයෙන්ම මධ්‍යම ඇමරිකාවේ ආභරන නිපදවීමේදී ඇම්බර් යොදාගන්නව මැණික් ගල් තරමටම.

මෙන්න මේ වගේ ඇම්බර් ෆොසිලයක් ඇතුලෙ හිරවුනු වන්දාට වසර මිලියන තිහකට වඩා වයස බව කීවොත් පුදුම වියයුතු නෑ.

පිංතූරයේ දකින ඇම්බර් ෆොසිලයේ මැලියම් වර්ගය නිපදවෙන්නෙ Hymenaea protera කියන ශාඛයෙන්. ප්‍රී හිස්ටොරික් ශාඛයක් වන ප්‍රොටේරා අද අපිට දකින්න නෑ. නමුත් මේ ගසේ කඳ මත සක්මන් කරමින් උන්නු වන්දා මැලියම් තුල සිරකරුවෙක් බවට පත්වෙනව. අවුරුදු මිලියන තිහක් පුරා සිරකරුවෙක් වූ මේ කුඩා සත්වයා සහිත ෆොසිලය සොයා ගැනෙන්නෙ ඩොමිනිකන් රිපබ්ලික් රාජ්‍යයෙන්.

මේ ෆොසිලය අයිති වෙන කාලය හඳුන්වන්නෙ ඔලිගෝසීන් කාලපරිච්ඡේදය විදිහට. (Oligocene period). පෘථිවියේ හා එහි දේශගුණයේ විශාල වෙනස්කම් ඉතා ඉක්මනින් සිදුවෙන මේ කාලය ඉතාම වැදගත් කාල පරිච්ඡේදයක්.

වන්දා කියන්නෙ ප්‍රී හිස්ටොරික් ( prehistoric)යුගයට අයිති සතෙක්. මේ අය ජීවත්වෙන කාලෙ සුරංගනාවො… දෙවි දේවතාවො… දිවැසිවරු… ශාස්තෲවරු කිසි කෙනෙක් නෑ. අඩුම තරමේ මිනිසා නැමැති ජීවියාගේ සලකුණක් හෝ අදහසක් පවා නැහැ.

වන්දන් හෙවත් ප්‍රේයින්ග් මැන්ටීස් වර්ග 2400 ක් පමණ හඳුනාගෙන තියෙද්දි මේ අයගෙන් වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්නෙ නිවර්තන කලාපීය රටවල. උතුරු සයිබීරියාවෙන් හමුවෙන ෆොසිල තුල හිරවුනු වන්දන් වසර මිලියන 135 ක් දක්වා ඈත කාලයකට දිවෙනව. මදුරුවො වගේම මේ වන්දන් වැනි කෘමීන් වසර මිලියන ගාණක් පුරා පෘථිවියේ ජීවත්වෙනව.

විවිධ කාල පරිච්ඡේද තුල සිදුවන වෙනස්වීම්.. දේශගුණ විපර්‍යාසවලට හැඩගැහෙමින් මේ ජීවීන්… කෘමීන්… ශාඛ වර්ග දන්නව කොහොමද ජීවත් විය යුත්තේ… ජීවය ඉදිරියට ගෙන යා යුත්තේ කියල. තමන්ට අනුව ස්වාභාදහම පාලනය කරනව වෙනුවට මේ අය හැඩ ගැහෙනව ස්වාභා දහමේ වෙනස්වීම් අනුව හැඩගැහෙන්න. මේ අය සතු උපක්‍රම හා බුද්ධිය පුදුමාකාරයි.

අවුරුදු 50,000 කවත් ඉතිහාසයක් නැති මිනිසා හෙවත් හෝමෝ සේපියන්ස් මේ සතුන්ගේ ඉතිහාසය ඉදිරියේ කොයිතරම් පුංචිද.

අවුරුදු දෙදාහක තුන්දාහක ඉතිහාසයක් උරුමයක් ඇති බව පවසමින් බිම් කඩක් වෙනුවෙන් රටක් වෙනුවෙන් සටන් වදින මිනිසා මේ සතුන් ඉදිරියේ කොයිතරම් ප්‍රාථමිකද කියල හිතෙන්නෙ මට විතරද.? අවුරුදු මිලියන ගාණක් තිස්සෙ නිහඬව ජීවත්වෙන මේ සතුන් නෙවෙයිද මේ පෘථිවියේ සැබෑ හිමිකරුවො.?

තවත් වසර මිලියනයකින් පසුව වුනත් මේ ජීවීන් පෘථිවියේ වාසය කරාවි.

මිනිසාගෙන් සමහරෙක්.. ඒ කියන්නෙ යම් මට්ටමක බුද්ධියක් ඇති පිරිස කල්පනා කරනවා මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා පෘථිවිය හා ජීවය විනාශ වේවි කියල. අනිත් පිරිස විනාශයක් ගැන හිතන්නෙ නෑ.. වඩ වඩාත් වස්තුව… සැප පහසුකම් .. දිගු කාලයක් ජීවත්වීම .. මරණයෙන් පසු සැප පහසුව විතරයි ඒ අයට අවශ්‍ය.

මිනිසාට හැකියාවක් තියනවද පෘථිවියේ ජීවය විනාශ කරන්න.? බැහැ.. මිනිසා කරමින් ඉන්නෙ තමන්ගේ විනාශය ඉක්මන් කරගැනීම පමණයි. මේ විනාශයට සමහර සතුන් හා ශාඛ මිනිසා විසින් ඈඳා ගන්නව. මෙන්න මේ විනාශයේ වේගය පාලනය කරන්න මිනිසාට පුළුවන්.

පෘථිවිය හා එහි ජීවීන් මිනිසාට වඩා බොහෝම පැරණියි. පෘථිවිය කැරකේවි…. වන්දා වැනි සතුන් තවදුරටත් මේ පොළවේ ජීවත්වේවි. නමුත් මිනිසා නැමැති සතාගේ සලකුණක්වත් ඉදිරියට ඉතිරි වේයැයි සැක සහිතයි.

හේතුව පෘථිවිය හා එහි වාසය කරන ජීවීන් ඉදිරියේ මිනිසා නැමැති සතා ඉතාම කුඩා නොපෙනෙනා තරමේ තිතක් පමණයි.

කුඩා වන්දා සිරවූ පොසිලය අපිට කියාදෙන කතාංදරය බොහොම ගැඹුරුයි …

~ Malcolm Sang

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan