*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

ජන පීඩක අධික VAT බද්ද වෙනුවට විකල්ප රැසක් විපක්ෂ නායකවරයා පැහැදිලි කරයි (VIDEO)

වර්තමාන ආණ්ඩුව 3 වැනි වතාවටත් විදුලිය වැඩි කර මේ රටේ විදුලි පාරිභෝගිකයන් දශලක්ෂ ගණනින් අනාථ කර ඇති මොහොතක වැට් බද්ද සියයට 18ක් දක්වා වැඩි කර ඇති බවත් ප්‍රතිගාමී බද්ධක් වන මෙය තමන්ගේ ආදායම කුමක් වුවත් හැමෝටම එක හා සමාන බද්දක් ලෙස ගෙවිමට සිදුවන හෙයින් මෙය පහත් ක්‍රියාවක් බවට විග්‍රහ කරන බවත් එසේ විග්‍රහ සිදු කරන විට මේ සඳහා විකල්පයන් විමසා විවිධ පුද්ගලයන් විවේචන සිදු කරන බවත් ඔවුන්ට අවශ්‍ය විකල්පය පැහැදිලි කිරීමට තමා සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වැට් බද්ද වෙනුවට දැනට බදු එකතු කරන ක්‍රමවේදය හෙවත් බදු පරිපාලනය කාර්යක්ෂම කළ යුතු බවත් එය විනිවිදභාවයකින් ඩිජිටල්කරණයට ලක් කරනවාට සමහර පුද්ගලයන් විරුද්ධ වී උද්ඝෝෂණ ආදිය සිදු කරන බවත් යම් හෙයකින් ඩිජිටල්කරණයක් සිදු කළහොත් හොරකම අඩුවන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එසේම කෝටි ගණන් මුදල් උපයන මුත් බදු පැහැර හරින පුද්ගලයන්ගෙන් නිවැරදිව බදු අය කර ගැනීමත් දූෂිත ක්‍රමවේද යටතේ රජයට හිතැති සමාගම්වලට ලබා දුන් අනවශ්‍ය බදු සහන ඉවත් කළ යුතු බවත් මෙම සමාගම්වලට අනවශ්‍ය ලෙස ලබා දී ඇති බදු සහන තුළින් කිසිදු ප්‍රතිලාභයක් රටට අත් නොවූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ මේ ක්‍රමවේද හරහා වැට් බදු වැඩි නොකර රාජ්‍ය ආදායම වැඩි කර ගත හැකි බව යි.

රජය බිලියන 100ක් බදු හරහා ලබා ගැනීමට අපේක්ෂා කලත් එය බිලියන 107ක් දක්වා මේ වන විට වැඩි වී ඇති බවත් වසර අවසානයේ එය බිලියන 125ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බවත් මේ අනුව එය වැරදි බදු ප්‍රතිපත්තියක් බවත් රජයට නිවැරදි බදු සූත්‍රය නිර්මාණය කර ගැනිමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ දඹදෙණිය නුන්ගමුව දම්සෙන් මාධ්_ය මහා විද්‍යාලයට සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට ඊයේ (02) එක්වෙමිනි. මේ අනුව සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ සුහුරු පන්ති කාමර 41ක් ලබා දී තිබේ. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 374 කි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan