සිව්වෙනි වරටත් පොලිස්පතිට සේවා දිගුවක්?

Date:

කොළඹ LNW: දැනට තුන්වන වරටත් සේවා දිගුවක් යටතේ පොලිස්පති ධුරයේ වැඩ කරන සී.ඩී. වික්‍රමරත්න මහතාට යලිත් එම තනතුරේම කටයුතු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තවත් සේවා දිගුවක් ලබා දී තිබෙන බව වාර්තා වෙයි.

මීට පෙර මාස තුන බැගින් සේවා දිගු දෙකක් හා සති තුනක සේවා දිගුවක් සී.ඩී. වික්‍රමරත්න මහතාට ජනාධිපතිවරයා විසින් ලබා දී තිබුණි.

තුන්වන වරට සී.ඩී. වික්‍රමරත්න මහතාට ලබාදුන් සේවා දිගුව ඊයේ (02) දිනයෙන් අවසන් වූ නමුත් ඊයේ දිනය වන තෙක්ම නව පොලිස්පතිවරයෙක් පත්කිරීම සම්බන්ධයෙන් තීරණයකට පැමිණ නැති බව සඳහන්.

සී.ඩී. වික්‍රමරත්න මහතාට අවසන් වරට ලබාදුන් සති තුනක සේවා දිගුවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය නොලැබුණු නමුත් ජනාධිපතිවරයාගේ බලතල අනුව සේවා දිගුව ලබා දී තිබුණි.

කෙසේවෙතත් තවත් කෙටි කාලයක් සඳහා ඔහුම පොලීසියේ ලොකු පුටුවට ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙන බව කියවෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...