*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය හදන්න කොත්මලෙන් අක්කර 600ක්!

කොළඹ LNW:ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය පිහිටුවීම සඳහා කොත්මලේ ජලාශය ඉහළින් අක්කර 600ක භූමි භාගයක් වෙන් කිරීමට කටයුතු යොදා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට සහ හරිත ආර්ථිකයකට මාරුවීම සඳහා සැලකිය යුතු පියවර ගනිමින් සිටින බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (02) අරලිගහ මන්දිරයේ පැවති පළවැනි ජාත්‍යන්තර දේශගුණික විපර්යාස සමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමිනි. මෙම සමුළුව අද (03) අවසන් වේ.

තමන් පසුගිය වසරේ දී දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ඉදිරිපත් කළ බවත් මෙම වසරේ COP 28 හිදී ශුද්ධ ශුන්‍ය විමෝචන සැලැස්ම ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි.

”ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින්,අප ගොඩනඟන නව ආර්ථිකයේ ආකෘතිය ඉහළ තරඟකාරිත්වයක් සහිත ඩිජිටල් පරිවර්තනය, බලශක්ති පරිවර්තනය, සහ හරිත පරිවර්තන මත පදනම් වනු ඇතියි. අයවැයෙන් පසු මම මේ පිළිබඳව දේශපාලන පක්ෂවල නායකයින් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ඇති එකම මාර්ගය මෙයයි.

කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම,සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීම සහ වේගවත් කිරීම මේ මත ගොඩ නැගෙනවා. මෙහිදී අප අපගේ හැකියාවන් හඳුනාගත යුතුයි. සියළු දෙනා පවසන ආකාරයට ශ්‍රී ලංකාව කුඩා වීම තුළ වාසි රැසක් තිබෙනවා.

අපට විශාල වියළි කලාපයක් තිබෙනවා වගේම අපේ ජනගහනය මිලියන 22යි. ඒ නිසා අපට අතිරික්ත හරිත බලශක්තියක් ලැබෙනවා. අප දැන් සූර්ය බලය පමණක් නොව සුළං බලය, හයිඩ්‍රජන් බලය ආදිය පිළිබඳව ද අවධානය යොමු කරනවා.

ඒ වගේම ශ්‍රී ලංකාවට මේ මොහොතේ සැලසුම් සකස් කිරීමට අවශ්‍ය විශේෂඥ දැනුම නැහැ. ඒ නිසා ඒ විශේෂඥ දැනුම ලබා ගැනීමට නව සැලැස්මක් සකස් කිරීම සඳහා බහුපාර්ශ්වික සංවර්ධන බැංකු වෙත සහ අපේ ද්විපාර්ශ්වික හවුල්කරුවන් වෙත යොමු වෙනවා.

අප දැන් හරිත ආර්ථිකයකට පරිවර්තනය වෙමින් සිටිනවා. මම පසුගිය වසරේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ඉදිරිපත් කළා. මේ වසරේ COP 28 හිදී, අප ශුද්ධ ශුන්‍ය විමෝචන සැලැස්ම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අප උත්සාහ කරන්නේ වසර 2040 වන විට ශුද්ධ විමෝචනයට ළඟා වීමටයි. එය අපහසු කාර්යයක් නොවෙයි. නමුත් මේ සඳහා වියදමක් දැරීමට සිදුවෙනවා. ශුද්ධ ශුන්‍ය විමෝචන සැලැස්ම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 100 කට වඩා අවශ්‍ය වෙනවා. වාසනාවකට ඒ එක් අවුරුද්දක් සඳහා නොවෙයි. එය අවුරුදු විස්සක් පුරා පවතින ව්‍යාපෘතියක්.

ශ්‍රී ලංකාවේ මෙන්ම වෙනත් රටවල මෙම වෙනස ප්‍රවර්ධනය කිරීම සඳහා, අප ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය( ICCU) ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා. මෙම දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවට පමණක් සීමා වන විශ්වවිද්‍යාලයක් නොවෙයි. එය ජාත්‍යන්තර පාර්ශවකරුවන්ගේ ද විශ්වවිද්‍යාලයක් වනු ඇතියි. එය ඉදිකිරීම සඳහා දැනටමත් කොත්මලේ ජලාශයට ඉහළින් අක්කර 600ක් අප වෙන් කර තිබෙනවා.

තෙවනුව, ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස සඳහා මුදල් යෙදවීමේ හැකියාව වර්ධනය කරනවා. ඇත්ත වශයෙන්ම දේශගුණික අරමුදල් පිළිබඳ හැකියාව සහ සාකච්ඡා ප්‍රධාන වශයෙන් ගෝලීය උතුරට, බහුපාර්ශ්විකයන්ට සහ චීනය, ඉන්දියාව වැනි විශාල රටවල් කිහිපයකට පමණක් සීමා වී තිබෙනවා. අප සියළු දෙනාටම එම හැකියාව නැහැ. හරිත ආර්ථිකය වෙත ගමන් කරන නිසා , අප එම අරමුදල් යෙදවීමේ හැකියාව ගොඩනගමින් සිටිනවා.

ඒ නිසා මම ඉහළ මට්ටමේ කණ්ඩායමක් ඒ වෙනුවෙන් පත් කරනු ලැබුවා. ආර්ථික ස්ථායීතාවය පිළිබඳ උපදේශකවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහ බැංකු අධිපති, සහ පරිසර ආමත්‍යාංශයේ ලේකම්, ඇතුලත් මේ කණ්ඩායම නිරීක්ෂණය කරන්නේ ශ්‍රී ලංකාව පමණක් නොවෙයි. ගෝලීය වශයෙන් සිදුවන සාකච්ඡාවලට සහභාගි වන්නේද මෙම කණ්ඩායමයි.

මන්ද යත් ගෝලීය දකුණේ නොමැති එකම දේ මෙයයි. අපට ඒ විශේෂඥ දැනුම නැහැ. දේශගුණික මූල්‍යකරණය සම්බන්ධයෙන් අප එය ගොඩ නගා නැහැ. මෙම සාකච්ඡාව COP28 සඳහා පෙරවදනක් වනු ඇතියි. COP28 යනු ගෝලීය තක්සේරුවක් සිදු කරන වැදගත් රැස්වීමක් බව කිව යුතුයි. අපට COP 28 සාර්ථක කරගන්න වෙනවා. ශ්‍රී ලංකාව නිසැකවම ඊට සහභාගී වෙනවා වගේම , එය සාර්ථක කර ගැනීමේ අරමුණින් අපේ අදහස් ප්‍රබල ලෙස ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan