*
Friday, November 22, 2024
spot_img

Latest Posts

මේ අය රාජ්‍ය පාලනය පැත්තෙන් අසමත්. ඇයි ඒ, අද්දැකීම් නැහැ – ලාන්සා

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ (LNW):


අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා වේදීකාවේ එකක් කියන බවත් ජනාධිපති පුටුවේදී තවත් එකක් කියන බවත් නිවුන් සහෝදරයන් දෙදෙනෙකු ලෙස හැගෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.

නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ කටාන, ඇත්ගාල පැවති ජන හමුවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැකිවූ නිමල් ලාන්සා මහතා,

“අපි ප්‍රබල විපක්ෂයක් හදන්න කටයුතු කරනවා. දිනලා ඉන්නේ අනුර කුමාර දිසානායක. පැරදුනු පක්ෂයකට මේ තරම් සෙනඟක් කටාන ඇත්ගාල ප්‍රදේශයට ඇවිත් තිබීම සූවිශේෂයි. මැතිවරණයක් දිනපු අයට තමා ඊලග මැතිවරණය වාසිදායක වෙන්නේ ඒ නිසා තමා ජනතාවට දුන්න පොරොන්දු ඉටු නොකර පාර්ලිමේන්තුව විසුරවන්න කටයුතු කළේ. සාමන්‍යයෙන් ජනාධිපති අපේකෂකයා දිනුවට පස්සේ දුන් පොරොන්දු ඉටු කරලා තමා ඊලග ජන්දයට යන්නේ. අනුර කුමාර මහතා හොඳටම දන්නවා දුන්න පොරොන්දු ඉටු කරන්න බැහැ කියලා. ඒක අපි ජන්දයට ඉස්සෙල්ලා දන්නවා. අනුර කුමාර දිසානායක මහතාත් ඒක දන්නවා. හැබැයි රටේ ජනතාව ඒක දැනන් හිටියේ නැහැ.

ජනතාව අනුර කුමාර කියපු අවුරුදු හැත්ත පහේ ශාපය, ඇමතිවරු හොරකම් කළා, වංචා දූෂණ සිදු කරා කියපු දේවල් විශ්වාස කළා. ඒ දේවල් විශ්වාස කරලා ජනතාව ජන්දය දුන්නා. ජනතාවට තව පොරොන්දු දුන්නා. උපයන විට ආදායම් බදු අය කිරීමේ සීමාව වැඩි කිරීම, වැට් එක අඩු කිරීම, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, ඇප නැතිව ණය දීම වැනි විශාල පොරොන්දු ටිකක් දුන්නා. ජනතාව ඒ දේවල් විශ්වාස කරලා ජන්දය ලබා දුන්නා. හැබැයි අනුර කුමාර දිසානායක දන්නවා ඒ පොරොන්දු ඉටු කරන්න බැහැ කියලා.

වේදීකාවේ කතා කරන අනුර කුමාර එක්කෙනක්. ජනාධිපති පුටුවේ ඉදන් කතා කරන අනුර කුමාර තව එක්කෙනෙක්. ඒ කියන්නේ නිවුන් සහෝදරයෝ. නිවුන් සහෝදරයෝ වගේ රඟපානව. වේදිකාවට ගියාම පොරොන්දු දෙනවා. පරණ ආණ්ඩුවේ වංචා දූෂණ ගැන කතා කරනවා. හැබැයි ජනාධිපති පුටුවේ ඉදගත්තම වංචා දුෂණ ගැන, වැඩ කරන හැටි, දුන්න පොරොන්දු ගැන කතා කරන්නේ නැහැ. එහෙමනම් නිවුන් සහෝදරයෝ දෙන්නෙක්ට ජනතාව රැවටිලා ඉන්නවා.

ජනාධිපති පුටුවේ ඉන්නකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙලම ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. වේදිකාවට ගියාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුම සංශෝධනය කරනවා. මේක ජනතාව මත පටවලා තියෙන විශාල බරක්. මහ බැංකු අධිපති, භාණ්ඩාගාර ලේකම් ඉවත් කරනවා කියලා කියනවා. ජනාධිපති පුටුවට ආවම ඒ මහ බැංකු අධිපති, භාණ්ඩාගාර ලේකම් එක්ක වැඩකරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක වැඩ කරනවා. වේදිකාවේ ඉන්නේ එක්කෙනෙක්, ජනපති පුටුවේ ඉන්නෙ තව එක්කෙනෙක්. එහෙනම් මේ නිවුන් සහෝදරයෝ දෙන්නෙක්. නැතිනම් මේ විදියට හැසිරෙන්න පුලුවන්ද

රනිල් වික්‍රමසිංහ කුඩ 16 ක් ඉල්ලලා තියෙනවා. දෙන්ඩද ? කියලා වෙිදිකාවේ අහනවා. එයා හිතන් ඉන්නේ රනිල් වික්‍රමසිංහට වැස්ස ආවම 16 දෙනෙක් කුඩ අල්ලනවා කියලා. එහෙම අල්ලනවා දැකලා තියෙනවද?. වේදිකාවේ ඉන්න අනුර කුමාර කයිවාරු ගහනවා. පුටුවේ ඉන්න අනුර කුමාරට මුකුත් බැහැ.
කොල්ලෝ කෙල්ලේ සමාජ ජාලා වල ලියලා තියෙනවා රනිල් වික්‍රමසිංහ ආර්ථිකය හදලා, සංචිත ගොඩනගලා, රට උඩටම ගෙනාවා. හැබැයි එකක් අමතක වුනාලු පොල් ටික කඩලා දීලා යන්න. ජනතාවටත් දැන් ටික ටික තෙරේනවා ඒ අයගේ වැඩපිළිවෙළ.

වැට් එක අඩුකරනවා කිව්වාට වැට් එක අඩු කරන්න බැහැ. වැට් එක අඩු කරනකොට අහිමිවන ආදායම හොයාගන්නේ කොහොමද කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කියන්න වෙනවා. ඒකට වැඩපිළිවෙලක් නැහැ. ඉසිපිල්ලක්, පාපිල්ලක් අඩු නොකර රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික වැඩපිළිවෙල කරගෙන යනවා. ඒ නිසා වැට් එක අඩු කරන්නේ නැහැ. අනුර කුමාර දුන්න එක පොරොන්දුවක් ඉටු කරන්න බැරි නිසා මහ මැතිවරණය ඉක්මනින් තියන්න කටයුතු කළා. අයවැය ගේන්නෙත් නැහැ. දුන්න පොරොන්දු භාගයක්වත් අයවැයට දාන්න වෙනවා. මැතිවරණ වේදීකාවේ දුන්න පොරොන්දු වියදම වැඩි කරන දේවල්. ආදායම වැඩි කරන ක්‍රමයක් නැහැ. ආණ්ඩුවක ආදායම වැඩි කරගෙන වියදම අඩු කර ගත්තොත් ආණ්ඩුව කරගෙන යන්න පුලුවන්. ආදායම අඩුවෙලා වියදම වැඩි වුනොත් රට බංකොලොත්. ඒ නිසා අනුර කුමාර දුන්න පොරොන්දු මාසයක්, අවුරුද්දක්, අවුරුදු හයක් ගියත් ඉටු කරන්න බැහැ.

අනුර කුමාර, විජිත හේරත්, හරිනි අමරසූරිය මේ ඕන එකිකෙනෙක් එක්ක විවාදයට එන්න සූදානම් දුන්න පොරොන්දු කවද්ද ඉටු කරන්නෙ කියන එක ගැන. පුලුවන්නම් කියන්න.

මේ අය රාජ්‍ය පාලනය අසමත්. ඇයි ඒ. අද්දැකීම් නැහැ, පලපුරුද්ද නැහැ, කලපුරුද්ද නැහැ, ජාත්‍යන්තර සබඳතා නැහැ. මුකුත් දන්නෙ නැහැ. මුකුත් දන්නෙ නැති අය පුටුවේ ගෙනල්ලා තිබ්බම ආයේ අහන්න දෙයක් නැහැ. මාසයට මුකුත් කරපු නැති අය මාස හයට කරන්නෙත් නැහැ. අවුරුදු පහට කරන්නෙත් නැහැ.”

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan