දැන් වෛරය පහවෙලා තියෙන්නේ. බුද්ධිමත්ව ජන්දය භාවිතා කරන්න – නලින් බණ්ඩාර

Date:

කොළඹ LNW:වෛරයෙන් නොව බුද්ධිමත්ව තීන්දු තීරණ ගෙන නොවැම්බර් ජන්දය භාවිතා කරන ලෙස සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක නලින් බණ්ඩාර මහතා පවසයි.

පසුගිය සැප්තැම්බර් 21 ජනතාව ජන්දය භාවිතා කළේ මාලිමාව විසින් සමාජය තුළ වැපිරූ වෛරය මත පදනම්ව බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

” මිනිස්සු මාලිමාවට ජන්දය දුන්නේ ඇයි? මිනිසු තුළ වෛරයක් ඇති කළා. ඒ වෛරය මත පදනම්ව තමයි සැප්තැම්බර් 21 මාලිමාවට ජන්දය දුන්නේ. 225ම හොරුයි කිව්වා. මේ රට අවුරුදු 76ක සාපයකට ලක්වුණා කිව්වා. ඒ අවුරුදු 76 සපයා ගැන කියල මෙතෙක් කල් බලයේ හිටපු පාර්ශවයන් ගැන වෛරයක් ඇති කළා. ඒ වගේම රාජ්‍ය සම්පත් භුක්ති විදිනවා කිව්වා. සැප වාහනවල යනවා කිව්වා. නිල නිවාස පාවිච්චි කරනවා කිව්වා. ජනාධිපති මන්දිර අයින් කරනවා කිව්වා. නිල නිවාස අයින් කරනවා කිව්වා. හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කරනවා කිව්වා. මේ විදිහට වෛරයක් හැදුව සමාජය තුළ. ඒ අනුව තමයි සැප්තැම්බර් 21 මේ රටේ මිනිස්සු මාලිමාවට ජන්දය දුන්නේ. ඒ වෛරය මත පදනම්ව. දැන් මොකක්ද අපි ජනතාවට කියන්නේ. නොවැම්බර් මාසේ ජන්දේ දෙන ජනතාව දැන් වෛරය පහකරගෙන තියෙන්නේ. බුද්ධිය මත පදනම්ව ජන්දය දෙන්න. තමන්ගේ බුද්ධියට අනුව තීන්දු තීරණ අරන් ජන්දේ දෙන්න කියල තමයි ඉල්ලන්නේ.” යනුවෙන් නලින් බණ්ඩාර මහතා තවදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...