සාර්ථක මෙහෙයුමකින් පසු චීන ගගනගාමීන් යළි පෘථිවියට!

Date:

කොළඹ LNW:චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස හයක කාලයක් සිය රාජකාරි කටයුතු සිදු කළ චීන ගගනගාමීන් තිදෙනෙකු යළි සාර්ථකව පෘථිවියට පැමිණි බව චීනයේ ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.

Ye Guangfu, Li Cong සහ Li Guangsu නම් මෙම ගගනගාමීන් තිදෙනා රැගත් Shenzhou-18 අභ්‍යවකාශ යානයේ කැප්සියුලය, උතුරු චීනයේ ඇතුළු මොංගෝලියාවේ ස්වයං පාලන ප්‍රදේශයේ Dongfeng ගොඩබෑමේ ස්ථානයට ළගා වී තිබේ. ඒ බෙයිජිං වේලාවෙන් අද පෙරවරු 1:24 ට පමණ.

පුරා දින 192ක් අභ්‍යවකාශයේ රැඳී සිට මෙලෙස පෘථිවියට පැමිණි ගගනගාමීන් තිදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බව ද වාර්තා වෙයි.මෙම ගගනගාමීන් සිය මෙහෙයුම් අතරතුර, ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණය, අභ්‍යවකාශ ද්‍රව්‍ය විද්‍යාව, මූලික භෞතික විද්‍යාව යන ක්ෂේත්‍ර ආශ්‍රිත පර්යේෂණ රැසකට දායක විය.

එමෙන්ම දීර්ඝ කාලයක් අභ්‍යවකාශයෙහි ඇවිද යමින් ඔවුන් පසුගිය මැයි මාසයේ දී නව වාර්තාවක් ද පිහිට වූ අතර එය චීන ගගනගාමීන් විසින් මෙතෙක් සිදු කරන ලද දීර්ඝතම ඒක පුද්ගල අභ්‍යවකාශ ගමන ලෙස ඉතිහාසයට ද එක්වෙයි.

චීනයේ ගගනගාමීන් සහිත අභ්‍යවකාශ වැඩසටහනට අනුව 2025 වසරේ දී ද Shenzhou-20 සහ Shenzhou-21 අභ්‍යවකාශ මෙහෙයුම් දියත් කිරීමට නියමිත බව චීන අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...