වත්තල ඔගස්ටීන් ….

Date:

වත්තල ඔගස්ටීන් භික්ෂුණීන් වගයකට අමතල. දැන් ඉන්නේ ඇතුලේ. හේතුව කලහකාරී ලෙස හැසිරීම.

ඇත්ත. ඔගස්ටීන් ඇමතුවා සැර වැඩී.

හැබැයි මීට වඩා හෙමින් ශිෂ්ට විදියට කතාකළා නම් අපි කාටවත් ඇත්ත ප්‍රශ්නේ ඇහෙන්නේ නැහැ. අපි ඔගස්ටීන් ගැන දැනගන්නෙත් නැහැ.

ඇත්තටම මේ අවුල පටන්ගන්නේ අර දස සිල් සෙට් එක. ඔගස්ටීන් නෙවෙයි.

ඔගස්ටීන්ට විපරීත වෙන්න වෙන්නේ සියල්ල විපරීත බවින් පිරිලා නිසා. ආගම පවා.

ඉස්සර ඔය කහපාට ඇඳුම දාගත්ත කාන්තාවන්ට කිව්වේ දස සිල් මාතාවෝ කියල. මේ ආණ්ඩුවෙන් එයාලට ‘භික්ෂුණී’ කියල අලුත් හැඳුනුම්පතක් පවා දුන්න. ඒක හොඳ දෙයක්.

දස සිල් මාතාවෝ කියන කට්ටියත් ටිකක් ගානට වැඩියි. හෙන සුචරිත සීන් දානවා බස් වලදී පවා මම දැකල තියනවා. මම හිතන්නේ අනන්‍යතා ප්‍රශ්න. අලුත් හැදුනුම්පතත් එක්ක තිබ්බ ලෙඩ තවත් වැඩිඋනාද දන්නෙත් නැහැ.

මම හිතන්නේ භික්ෂූ අනන්‍යතාවම ගන්න ගියත් ඒක ලැබෙන්නේ නැති නිසා වෙන්න ඇති කණ පැලෙන්න සද්දේ දාලා තමන් ඉන්නවා කියල පෙන්නන්නේ. එක අතකට බුදුන් වහන්සේ පවා භික්ෂුණී සාසනේ පටන්ගන්න මැලිවුණේ ඇයි කියල දැන්නම් තේරෙනවා.

වත්තල වගේ බහු සංස්කෘතික සමාජයක් ඇතුලේ එහෙම සද්දේ දැම්මම මේ වගේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්නම වෙනවා. අනික් ආගම් කියල වෙනසක් නැහැ. මම ලිව්වේ හැමෝම ගැන. හොයන්නේ වැඩිම අවධානය. ඒ නිසා වැඩිම සද්දේ.

මට මතකයි මේරියන්ස් නලින් පවා එයාගේ ගේ ඉස්සරහා දාපු පල්ලියේ ලවුඩ් ස්පීකර්වලට මෙහෙම ඇමතුවා කියල යම් තැනක තියනවා.

නිශ්ශබ්ද බව අපේ අයිතියක්….

~ මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...