රටම එකට විශේෂ මෙහෙයුමෙන් තවත් 638ක් අත්අඩංගුවට!

Date:

කොළඹ LNW:අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ විශේෂ මෙහෙයුමෙන් ඊයේ දිනයේ (03) පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 638 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අනුව ඊයේ දිනයේ දී පුද්ගලයන් 28,389 දෙනෙකු පරීක්ෂා කර ඇත.

අපරාධ සම්බන්ධයෙන් සෘජුවම හදුනාගත් 22 දෙනෙකු මෙන්ම ව‍රෙන්තුකරුවන් 209 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලීසිය නිවේදනය කරන්නේ.

එමෙන්ම අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන 137ක් වන අතර බීමත් රියදුරන් 17 දෙනෙකු මෙන්ම අපරීක්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර වෙනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් 4271 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...

රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?

සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...

මාලිමාව රත්නපුර මහ නගරසභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර...