මහපොළ ශිෂ්‍යාධාරය තවත් වැඩි වෙන ලකුණු!

Date:

කොළඹ LNW:වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයින් ඊයේ (03) වෙළෙඳ අමාත්‍යාංශයේ දී සාකච්ජාවක් පවත්වා තිබේ.

එහිදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් යෝජනා සහ ඉල්ලීම් රැසක් ඉදිරිපත් කර ඇති අතර ඉදිරි අයවැය තුළින් මහපොළ ශිෂ්‍යාධාර මුදල වැඩි කිරීමට අදාළව සහ එම ශිෂ්‍යාධාර ලබා දීමේ දී ඇති වී තිබෙන ගැටළු තත්ත්වයන් පිළිබඳව ද එහිදී අවධානය යොමුකර ඇත.

එමෙන්ම විශ්ව විද්‍යාල තුළ අධ්‍යාපනය ලබන විශේෂ අවශ්‍යතා සහිත ශිෂ්‍යයින් පිළිබඳව දක්වා ඇති අවධානය වැඩි කිරීම, විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ ක්‍රීඩා පහසුකම් තව දුරටත් දියුණු කිරීම මෙන්ම ශිෂ්‍යයින්ගේ නේවාසික පහසුකම් පුළුල් කිරීම වැනි විවිධ ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ජා කර ඇති බව සඳහන්.

ඉදිරි අයවැය මඟින්ද මහපොළ ශිෂ්‍යාධාරය ඉහළ දැමීමට ඇති හැකියාව පිළිබඳවද අමාත්‍යවරයා කරුණු දක්වා ඇත.

මෙම සාකච්ඡාව සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සසිඳු පෙරේරා ඇතුළු එහි සාමාජිකයින්, මහපොළ භාරකාර අරමුදලේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ සහ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී වී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...

චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් කොමිසමේ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : රුපියල් ලක්ෂ 300ක...