Update:අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලද ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට!

Date:

කොළඹ LNW:අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මිය ගොස් තිබේ.

අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ උඩුමහලේ අද (04) උදෑසන 10.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුව තිබුණු අතර සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් අදාළ වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මාළු ව්‍යාපාරිකයෙක් වන අතර ඔහු අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘කරන්දෙණිය සුද්දා’ නැමැත්තාගේ වැඩිමහල් සොහොයුරියගේ ස්වාමිපුරුෂයා බව අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් 4ක් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝනියාවටම තරුවක් වූ Diane Ladd අවසන් ගමන් යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තෙවතාවක් ඇකඩමි සම්මාන...

වොලිබෝල්වල හෙට දවසට වටිනාම dialog එක මහඋස්වැවටයි දෙබැඟමටයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 04,  කොළඹ LNW: ශ්‍රී ලංකා වොලිබොල් සම්මේලනයේ මඟ...

කාන්තාවන්ට දොර ඇරෙන දුම්රියේ තනතුරු!

කොළඹ LNW:ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ තනතුරු කිහිපයක් සඳහා කාන්තා...