21 රැළියෙන් එක එක හැලෙයි! රනිල් එන්නෙත් නැහැ!

Date:

කොළඹ LNW:විපක්ෂය එකාබද්ධව පැවැත්වීමට සූදානම් කර තිබෙන මහජන රැළියට සහභාගී නොවන බව ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේශන් මහතා පවසයි.

ඒ අනුව මේ වන විට සමඟි ජන බලවේගය, සර්ව ජන බලය, ජාතික නිදහස් පෙරමුණ ද එම රැළියට සහභාගී නොවන බව ප්‍රකාශ කර තිබේ.

මහා ජන හඬ ලෙස නම් කර ඇති එම රැළිය ආණ්ඩුවේ ක්‍රියා කලාපයට එරෙහිව එළඹෙන 21 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂය මෙම රැළියට සහභාගී වුවද එහි නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ඊට සහභාගී නොවීමට තීරණය කර තිබේ.

අද (04) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා තිබුණේ වික්‍රමසිංහ මහතාගේ සෞඛ්ය් තත්ත්වය මත එම තීරණය ගත් බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...

සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...