හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ 46 වන උප ජනාධිපති රිචඩ් බී. චෙනී මියගොස් තිබේ.

හිටපු උප ජනාධිපතිවරයා නියුමෝනියාව සහ හෘද හා සනාල රෝග සංකූලතා හේතුවෙන් මිය ගිය බවපවුලේ සමීපතමයන් නිවේදනය කර ඇති අතර මියයන විට 84 වන වියේ පසු විය.

රිපබ්ලිකන් දේශපාලනයේ දැවැන්තයෙකු වූ ඩික් චෙනී ධවල මන්දිර මාණ්ඩලික ප්‍රධානියා, කොංග්‍රස් සභික, ආරක්ෂක ලේකම් සහ එක්සත් ජනපද උප ජනාධිපති යන ධුර ගණනාවක් දරනු ලැබූ කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකි.

හෙතෙම රිචඩ් නික්සන් යටතේ ධවල මන්දිර සහායකයෙකු වූ ඩික් චෙනී ජෙරල්ඩ් ෆෝඩ් යටතේ ධවල මන්දිර ලාබාලතම මාණ්ඩලික ප්‍රධානියා විය. ඉන් අනතුරුව ජනාධිපති රොනල්ඩ් රේගන් යටතේ කොංග්‍රස් සාමාජිකයෙකු වූ ඔහු ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ගේ ආරක්ෂක ලේකම් සහ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ උප සභාපති වූ අතර ඔහුගේ පළපුරුද්ද නිසාම ජනාධිපති බුෂ්ට විශාල බලපෑමක් කිරීමට සමත් වූ බව කියවේ.

2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” කේන්ද්‍රීය චරිතයක් ලෙස සහ ඉරාක ආක්‍රමණය සඳහා මුල් කාලීන උපදේශකයෙකු ලෙස චෙනී වඩාත් ප්‍රසිද්ධ විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...