චීන ජනපති සහ රුසියානු අගමැති අතර හමුවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රුසියානු අග්‍රාමාත්‍ය Mikhail Mishustin මහතා හමු වුණා.

ඒ අද(04) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී.

මෙම වසරේ සිට කැළඹිලි සහිත බාහිර පරිසරයකට මුහුණ දීමට සිදු වුවද චීන-රුසියා සබඳතා වඩාත් ඉහළ මට්ටමින් මෙන්ම වැඩි ගුණාත්මක බවින් යුතු සංවර්ධනයක් ඉලක්ක කර ගනිමින් ස්ථාවරව ඉදිරියට ගොස් ඇති බව ෂී ජින්පිං මහතා සඳහන් කළා. චීන-රුසියානු සබඳතා මනා ව පවත්වා ගනිමින් නිසි පරිදි තහවුරු කර, යහපත උදෙසා සංවර්ධනය කිරීම, දෙපාර්ශ්වයේ ම උපායමාර්ගික තීරණයක් බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නා.

දෙරටේ නායක දෙපළ විසින් ඇති කර ගත් කේන්ද්‍රීය එකඟතාව ක්‍රියාත්මක කරමින් වෙළඳ, විද්‍යා හා තාක්ෂණ, බලශක්ති, කෘෂිකාර්මික සහ ඩිජිටල් ආර්ථික යනාදී ක්ෂේත්‍රවල සහයෝගීතාවන් පුළුල් කරමින් රුසියාව, චීනය සමඟ එක්ව ක්‍රියා කිරීමට කැමැත්තෙන් සිටින බව රුසියානු අග්‍රාමාත්‍ය Mikhail Mishustin මහතා එම අවස්ථාවේදී ප්‍රකාශ කර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...