හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ 46 වන උප ජනාධිපති රිචඩ් බී. චෙනී මියගොස් තිබේ.

හිටපු උප ජනාධිපතිවරයා නියුමෝනියාව සහ හෘද හා සනාල රෝග සංකූලතා හේතුවෙන් මිය ගිය බවපවුලේ සමීපතමයන් නිවේදනය කර ඇති අතර මියයන විට 84 වන වියේ පසු විය.

රිපබ්ලිකන් දේශපාලනයේ දැවැන්තයෙකු වූ ඩික් චෙනී ධවල මන්දිර මාණ්ඩලික ප්‍රධානියා, කොංග්‍රස් සභික, ආරක්ෂක ලේකම් සහ එක්සත් ජනපද උප ජනාධිපති යන ධුර ගණනාවක් දරනු ලැබූ කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකි.

හෙතෙම රිචඩ් නික්සන් යටතේ ධවල මන්දිර සහායකයෙකු වූ ඩික් චෙනී ජෙරල්ඩ් ෆෝඩ් යටතේ ධවල මන්දිර ලාබාලතම මාණ්ඩලික ප්‍රධානියා විය. ඉන් අනතුරුව ජනාධිපති රොනල්ඩ් රේගන් යටතේ කොංග්‍රස් සාමාජිකයෙකු වූ ඔහු ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ගේ ආරක්ෂක ලේකම් සහ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ උප සභාපති වූ අතර ඔහුගේ පළපුරුද්ද නිසාම ජනාධිපති බුෂ්ට විශාල බලපෑමක් කිරීමට සමත් වූ බව කියවේ.

2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” කේන්ද්‍රීය චරිතයක් ලෙස සහ ඉරාක ආක්‍රමණය සඳහා මුල් කාලීන උපදේශකයෙකු ලෙස චෙනී වඩාත් ප්‍රසිද්ධ විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුව සේවාව අලුත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 නොවැම්බර් කලාපය නිබ්බුතා නූන සා මාතා,...

පොහොට්ටුවේ ගමින් ගමට රැස්වීම් හෙට කොළඹින් ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

හම්බන්තොට වරායේදී අකුණු සැර වැදීමෙන් වාහන 11කට හානි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි...