විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

Date:

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ චරිත රත්වත්තේ මහතා ඇපමත මුදා හරින ලෙසට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය ලබා දුන අතර ඒ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීරය ඇප දෙකක් මතය. මේ අතර ඔහුගේ විදෙස් ගමන් ද තහනම් කර තිබේ.

පැමිණිල්ල යළි ජනවාරි මස 23 වෙනිදා කැඳවීමට නියමිතයි.

2015 වසරේ දී එවකට සිටි අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත මිලදී ගැනීම සඳහා කිසිදු අවශ්‍යතාවයක් නොතිබූ කොකුන් ගබඩා 50ක් නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර මිලදී ගැනීමට තුළින් රජයට කෝටි 9කට අධික මුල්‍ය පාඩුවක් සිදුකිරීමේ චෝදනාව චරිත රත්වත්තේට එල්ල වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...

තිදෙනෙකුට ජීවිත අහිමි කළ මාරක රිය අනතුර!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: අද (08) සවස,...