*
Friday, September 20, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 11/04

1. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ණය ආධාර ලබා ගැනීමට ශ්‍රී ලංකාවට අවම වශයෙන් 2023 මාර්තු දක්වා වත් බලා සිටීමට සිදුවනු ඇති බව ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කරයි – 2023 මාර්තු වන විට, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පතා වසරක් ගතවනු ඇත – මේ අතර, 2022 අප්‍රේල් මාසයේ සිට ද්විපාර්ශ්වික මූලාශ්‍රවලින් ලැබෙන සියලු අරමුදල් සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇත.

2. මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන රටේ ණයහිමියන් සමඟ වර්චුවල් තාක්ෂණය ඔස්සේ හමුවීමක් පවත්වති – මෙම හමුව, “ණය ලබා ගැනීමේ වැඩසටහනක්” (bailout programme) සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි අනුමැතිය ලබා ගැනීමේ තවත් පියවරක් ලෙස සඳහන් වෙයි.

3. රජයට “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති ඉලක්ක” සාක්ෂාත් කර ගැනීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකාවට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුවනු ඇති බව Verite Research හි නිශාන් ද මෙල් පවසයි – දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම රජය තවමත් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර නොමැති බව ද පවසයි – මීට ඉහත, දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකරන බවට මහබැංකු අධිපති ආචාර්ය වීරසිංහ විසින් දැඩි ලෙස සපථ කර තිබිණි.

4. මුදල් මණ්ඩලය විසින් කළමනාකරණය කරනු ලබන ජනතාවගේ ඉතුරුම්වලින් සමන්විත සේවක අර්ථසාධක අරමුදල, රට “බංකොලොත්” වූ බවට කළ නිවේදනයෙන් පසු රුපියල් බිලියන සියගණනක් නොසැලකිලිමත් ලෙස ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ අනාවරණය කරයි – ශ්‍රේණිගත කිරීම අතින් ශ්‍රී ලංකාව “D” (default) ස්ථානයට පත්ව ඇති පසුබිමක එවැනි ආයෝජන කිරීම්වලට එරෙහිව සේවක අර්ථසාධක අරමුදලෙහි නිලධාරීන්ට අනතුරු අඟවයි.

5. ශ්‍රී ලංකාව සිය තෙල් කර්මාන්තය “පෞද්ගලීකරණය” කිරීමට උනන්දු වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි – තවමත් එවැනි ගනුදෙනුවක් සඳහා අවස්ථාවක් ලැබී නොමැති බවට මැසිවිලි නඟයි – ඉන්ධන සලාක ක්‍රමය, ඉන්ධන භාවිතය සියයට 40 කින් අවම කිරීමට උපකාරී වූ බව ද පවසයි – ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට දැන් රටේ සම්පූර්ණ අවශ්‍යතාවයට සරිලන සැපයුමක් කළ නොහැකි බව ද අවධාරණය කරයි.

6. ගල් අඟුරු නැව් 2ක් දිවයිනට පැමිණ ඇති බවත්, තවත් නැවක් නොවැම්බර් 7 වනදා පැමිණීමට නියමිත බවත්, තවත් නැව් 2ක් සඳහා අර්ධ ගෙවීම් කර ඇති බවත්, ඒ අනුව මුළු නැව්ගත කිරීම් 5ක් ඇති බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කරයි – දීර්ඝ කළ විදුලි කප්පාදුව වැළැක්වීම සඳහා 2023 අප්‍රේල් අවසානයට පෙර තවත් ගල් අඟුරු නැව් 33ක් අවශ්‍ය බව ද අවධාරණය කරයි.

7. අටමස්ථාන කාරක සභාව විසින් නව අටමස්ථානාධිපති ලෙස රුවන්වැලිසෑය විහාරාධිපති සහ නුවර කලාවිය ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් පත් කරනු ලබයි.

8. ඉකුත් මාස 03 තුළ කොළඹ ප්‍රදේශයේ වෛද්‍ය උපදෙස් නොමැතිව ලිංගික ආශාවන් වර්ධනය කරන ඖෂධ ලබා ගත් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් ඇති බව කොළඹ අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා දේශානි සමරවීර ප්‍රකාශ කරයි – මිය ගිය බොහෝ අය වයස අවුරුදු 20 – 25 අතර වේ.

9. වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) මගින් ශ්‍රී ලංකාවේ ප්‍රථම “වඳුරු-උණ” (monkey-pox) ආසාදනයට ලක්වූ පුද්ගලයා හඳුනාගෙන ඇති බව එම ආයතනයේ වෛරස විද්‍යා දෙපාර්තමේන්තුවේ වෛරස විද්‍යා විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ ප්‍රකාශ කරයි.

10. මදුරු දඟරයකින් පිටවන විෂ දුම, දුම්වැටියකින් පිටවන විෂ දුම මෙන් 100 ගුණයකින් වැඩි බව මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තුසිත සුගතපාල ප්‍රකාශ කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan