බොල්සොනාරෝගේ ආධාරකරුවන් බ්‍රසීලයේ වීදි විරෝධතා අරඹයි

Date:

ඔක්තෝබර් 31වන දින බ්‍රසීලයේ ප්‍රකාශිත ජනාධිපතිවරණ නිල ඡන්ද ප්‍රකාශයට පත්වීමත් සමඟ රෝජෙයාර් බොල්සොනාරෝ මහතාගේ 49.1% ට එරෙහිව වලංගු ඡන්දවලින් 50.9% ක් ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ලබාගෙන අභිනවයෙන් ජනාධිපති ධූරයට තේරී පත් විය.

නමුත් ජනාධිපති ඡන්ද ප්‍රතිඵලයන්ට විරෝධය දක්වමින් බොල්සොනාරෝ ආධාරකරුවන් දහස් ගණනක් මේ සතියේ වීදි බැස තිබූ අතර ඔවුන් ඊයේ දිනය වන විට රටේ ප්‍රාන්ත 26 න් ස්ථාන 76 ක මහාමාර්ග අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් අවහිර කරමින් සිය විරෝධතාවයන් දක්වා තිබිණ. මෙහි දී බොල්සොනාරෝ ආධාරකරුවන් බ්‍රසීලයේ සන්නද්ධ හමුදාවන්ගෙන් ඉල්ලා සිටියේ ලූලා ජනවාරි 1 වනදා ඔහුගේ තනතුරට පත්වීම වැළැක්වීමට මැදිහත් වන ලෙසයි. කෙසේ නමුත් බොල්සොනාරෝ බදාදා අගභාගයේදී අවහිර කිරීම් අවසන් කරන ලෙස තම ආධාරකරුවන්ගෙන් ඉල්ලා තිබිණි.

කෙසේ නමුත් ලූලා සිය ජයග්‍රාහී කතාවේදී පැවසූ පරිදි, සිය කාර්යය වන්නේ බ්‍රසීලය එක්සත් කිරීම වන හෙයින් මෙම ව්‍යාකූළ දේශපාලන තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ලූලාගේ උප ජනාධිපති ලෙස තේරී පත් වූ ජෙරල්ඩෝ ඇල්ක්මින්, හා බොල්සොනාරෝගේ මාණ්ඩලික ප්‍රධානී සිරෝ නොගුයිරා සමඟ සාකච්ඡා පැවැත්වීය. මෙම සාකච්ඡා ඉතා ඵලදායී බව වාර්තා වන අතර ඇමරිකා කවුන්සිලයේ උප සභාපති බ්‍රයන් වින්ටර් බොල්සොනාරෝගේ ගැලවීමේ කපාට සියල්ලම වසා දමා ඇති බවයි.

පසුගිය මැතිවරණ සමයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකට එරෙහිව අයිතිවාසිකම් කණ්ඩායම් සහ ජාත්‍යන්තර නිරීක්ෂකයින් අනතුරු අඟවා තිබුණේ බොල්සොනාරෝ ලූලාට පරාජය වුවහොත් ඕනෑම තත්වයක් ඇතිවිය හැකි බවයි.
පවතින විරෝධතා පිළිබඳව උප සභාපති ලෙස තේරී පත් වූ ඇල්ක්මින් ප්‍රකාශ කර තිබුණේ මිනිසුන්ගේ සෞඛ්‍යය, රෝහල්වලට සැපයුම්, එන්නත්, ආහාර, ඉන්ධන අවදානමට ලක් කිරීම අතිශයින්ම බරපතල තත්වයක් බවයි.

බ්‍රසීලයේ පැවැති මැතිවරණය සාමකාමී හා ප්‍රජාතත්ත්‍රවාදී මැතිවරණයක් ලෙස මැතිවරණ කොමිසම විසින් නිවේදනය කළ අතර ලූලාගේ ජයග්‍රහණයත් සමඟ ලෝක නායකයෝද බ්‍රසීලයට “නිදහස්, සාධාරණ සහ විශ්වාසනීය මැතිවරණ” පැවැත්වීම පිළිබඳව සුබ පැතූහ.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර අබේවර්ධනගෙන් FCIDය ප්‍රශ්න කරයි. වජිර මාධ්‍යටත් බැනගෙනම යයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යවරයකු සහ එක්සත් ජාතික පක්ෂයේ...

තවත් රාජ්‍ය ආයතන සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ (ජනවසම) සභාපති...

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...