අධික වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා

Date:

සටහන -නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW): අධික වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ සිදුවූ ආපදාවලින් එක් පුද්ගලයෙකු මරණයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පවසයි.

ආපදා නිසා පවුල් 16ක සාමාජික සාමාජිකාවන් 70ක් අවතැන් වී ඇතැයි ද ඒ මහතා තව දුරටත් පවසයි.

කෙටි කාලයක් තුළදී ඇද හැලෙන අධික වර්ෂාව හා සුළං හේතුවෙන් ගස් කඩා වැටීම්, පස් කඳු කඩා වැටීම් වැනි හේතු නිසා ආපදා වැඩි ප්‍රමාණයක් වාර්තාවී තිබේ.

මහනුවර මහිංගණය ප්‍රධාන මාර්ගයට වරාතැන්න ප්‍රදේශයේදී ගසක් කඩා වැටීමෙන් පුද්ගල මරණය හා තුවලලැබීම් වාර්තා වී ඇත.

වැඩිම ආපදා ප්‍රමාණයක් පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් වාර්තා වන අතර ගංවතුර තත්ත්වය, කණ්ඩි කඩා වැටීම හා නාය යාමේ අවදානම සක්‍රීයවීමෙන් එම කොට්ඨාශයේ පවුල් 08ක පුද්ගලයන් 35ක් අවතැන්වී සිටිති.

දිස්ත්‍රික්කය පුරා සිදුවූ ආපදා හේතුවෙන් නිවාස 06කට අර්ධ හානි සිදුවී තිබේ.

මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි අවතැන්වූන්ට අවශ්‍ය මූලික පහසුකම් සම්පාදනය කිරීම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් දියත් කොට ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...