*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ලෝකයේ පළමු වතාවට කන්ටේනර් පර්යන්තයක් ඇතුළත ගබඩාවක් ? වියදම රුපියල් මිලියන 450 ක්?

ලෝකයේ පළමු වතාවට කන්ටේනර් පර්යන්තයක් ඇතුළත ගබඩාවක් ඉදිකොට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කාර්යක්ෂමතාවය බාල්දු කිරීමට විෂයබාර ඇමතිවරයා වන නිමල් සිරිපාල ද සිල්වා සහ නාවික කර්මාන්තය ගැන කිසිවක් නොදන්නා එහි වත්මන් සභාපති ලෙස කටයුතු කරන කීත් බර්නාඩ් නමැති අයෙකු කටයුතු කොට ඇති බව වරායේ වෘත්තීය සමිති චෝදනා කරන අතර මෙම ගබඩා සංකීර්ණය ඉදිකිරීම සඳහා භාණ්ඩ හා උපකරණ වලට පමණක් වියදම් කොට ඇති මුදල රුපියල් මිලියන 450 ක් (උත්සව සභාවේදී එය මිලියන 400ක් පමණක් කියන ලෙස උපදෙස් දී ඇත.) වන අතර ශ්‍රම වියදම් ඇතුළු අනෙකුත් වියදම් සියල්ල සමග මිලියන නවසීයක් පමණක් වියදම් වී ඇති බවද වාර්තා වේ.

මහල් හතරකින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ ඉහල මහලේ පමණක් වැසිකිලි පහසුකම් ඇති අතර ඒ සඳහා ගමන් කළ හැක්කේ තරප්පු පෙලකින් පමණක් බවත්ව , රායේ ඉංජිනේරුවන් විසින් ඇමතිවරයා, සභාපතිවරයා ඇතුළු පිරිසකගේ මනදොල පිනවීම සඳහා මෙම අපරාධය සිදුකළ බවට චෝදනා කරයි.

මෙම ගොඩනැගිල්ල විවෘත කිරීම වරාය කටයුතු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ පසුගියදා සිදුකෙරුණ අතර එහිදී උත්සව සභාව ඇමතු වරායේ ප්‍රකට වෘත්තීය සමිති නායකයකු වන ශ්‍යාමාල් සුමනරත්න මෙම අක්‍රමිකතාවය සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්විය.

එහි අදහස් අදාල වීඩියෝව පහතින්…

මේ අතර මීට දින කිහිපයකට පෙර වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්‍ෂක වරයෙකු ලෙස සේවය කළ ප්‍රේමචන්ද්‍ර නමැත්තකු අධ්‍යක්ෂ මණ්ඩලය වෙත කැඳවා නැගෙනහිර පර්යන්තයට ලබා ගත යුතු යන්ත්‍ර සූත්‍ර ගැන උපදෙස් ලබා ගැනීමට කටයුතු කර ඇති බව සඳහන්. සභාපති වරයා විසින් මෙලෙස ඔහුව රැගෙන එමින්, පර්යන්තයේ මෙහෙයුම් සඳහා ඉතා අඩු කාර්යක්‍ෂමතාවෙන් යුතු උපකරණ මිලදී ගැනීම සුදුසු බව යෝජනා කරගෙන ඇති නමුත් ඊට සභාගී වී සිටි වත්මන් කළමනාකාර අධ්‍යක්ෂ සහ මෙහෙයුම්බාර අධ්‍යක්ෂ ඇතුළු නිළධාරීන් බොහෝමයක් ඊට තරයේ විරුද්ධ වී ඇත.

එහෙත් විෂය ගැන කිසිඳු දැනුමක් නැති වත්මන් වරාය සභාපතිවරයා, ප්‍රේමචන්ද්‍ර සමග එකතු වී කියා ඇත්තේ ප්‍රේමචන්ද්‍රගේ නිර්දේශ වලට එකඟ නොවන්නේ නම් නැගෙනහිර පර්යන්තයේ මිළදී ගැනීම් වලට තමන් සහය නොවන බවයි. එහෙත් සභාපති වරයාගේ මෙම අදහස් අධ්‍යක්ෂ මණ්ඩලය විසින්ද ප්‍රතික්ෂේප කර ඇත.

මෙම ප්‍රේමචන්ද්‍ර නැමැත්තා ඉන්දීය ව්‍යාපාරික අදානී විසින් ඉදිකරන බටහිර පර්යන්තයේ උපදේශක වරයෙකු ලෙස කටයුතු කරන බවත් ඔහු නැගෙනහිර පර්යන්තයේ කාර්යක්ෂමතාවය බිඳ දැමීමේ කොන්ත්‍රාත්තුව බාරගෙන ඇති බවත් ඇතැම් වෘත්තීය සමිති චෝදනා කරති.

එසේම එවැනි පුද්ගලයෙකු අධක්ෂක මණ්ඩලය හමුවට ගෙන එමෙන් සභාපති බර්නාර්ඩ් නැමැත්තා මුළුමනින්ම ආයතනයේ මූලික රෙගුලාසි, විශේෂයෙන් ලබැඳියාවන් අතර ගැටුම, අමු අමුවේ උල්ලඝණය කර ඇති බවටද ඔවුන් චෝදනා කරති.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan